ඕනි කරන cell එකට යන්න. වම් පැත්තෙ උඩ කොනේම තියන Name Box එකේ දැනට තියන number එක highlight කරලා ඕනි කරන නම දෙන්න.

මම rename කරන්නේ B336 cell එක Total කියල. rename කලාට පස්සේ ඒ cell එක දිස්වෙන්නේ B336 කියල නෙමේ. Total කියල. ඒක නිසා වෙන වෙලාවක මට Total එක බලන්න ඕනි උනාම B336 cell එක හොයාගෙන යන්න ඕනි වෙන්නේ නෑ. cell name එක වැටෙන තැන තියන ඊ හිස click කරලා එන menu එකෙන් ”Total” select කරන්න විතරයි ඕනි. B336 cell එකට එක පාරටම යන්න පුළුවන්.

මේ වගේ වැදගත් වෙන cell නම් කරලා තියා ගත්තම ලොකු sheet එකක වැඩ කරන්න ලේසි වෙනවා. Rename කරපු cell එකක් එපා කියල හිතෙනවනම් මකන්න අදාල cell එක select කරලා Control key එකත් එක්ක F3 ඔබන්න.(Ctrl + F3)
Name Manager කියල window එකක් open වේවි. ඕනි නැති නම්, මකල දාන්න වගේම ඒවා edit කරන්නත් පුළුවන්
0 comments:
Post a Comment