ලියන්න නම් දේවල් බොහොමයයි. දැන් ආයතනයේ ව්‍යාපාර අංශය භාරව ඉන්න නිසා ඇත්තටම කාලවේලාව නම් අන්තිම අඩුයි. මූණුපොත පැත්තෙත් දවසකට එක පාරක් වගේ තමයි සැරිසරන්න වෙන්නෙ. මට හිතෙන හැටියට නම් මම මේ ලියන්න යන දේ ගැන සෑහෙන විස්තරයක් ලියන්න වෙයි වගේ. මගේ පුත‍්‍රයව දාන්න ගිය මොන්ටිසෝරිය මගෙ පංතියෙ අතිජාත හිතවතියක් (මචං කෙනෙක්) තමයි කරන්නෙ. මේක ලියන්න හිතුනෙත් එයා මට කියපු කථාවක් නිසා. ඒක බොහොම පරණ කථාවක් වුනාට මම ලියන්නෙ ඒක නෙවෙයි.
වැඬේ කියන්නෙ කාලෙකට පස්සෙ මට ඇප්ලිකේශන් එකක් පුරවන්න වුනා පුත‍්‍රයව භාර දෙන වෙලාවෙ. මම කිවුවා ‘‘මගේ අකුරු නම් ඇත්තටම දැන් නම් කැත වෙලා බං’’ කියලා. ඒ ඇසුරින් මට හිතුන තවත් එක් දෙයක් කියවල බලන්න.
ඉස්සර ආදරය කරපු අය සහ අද ආදරය කරන අය සන්නිවේදනය කරන හැටි පිළිබඳ සංසන්දනයක් කරල බැලූවොත් කොහොමට තියෙයි ද?
රජ කාලෙ නම් ඉතින් රජතුමා තමන්ට කැමති කෙනෙක් ටක් ගාලා තමන්ගෙ අන්තඃපුරයට ගෙන්න ගත්තලූ. (අනේ එහෙමත් වාසනාවක්) ඒ කාලෙත් අපි ඔය දැන් කියනව වගේ සමනල් කථා බිසවුන්නාන්සේලාට කියන්න ඇති නේද.
රජ කාලෙ නම් ඉතින් රජතුමා තමන්ට කැමති කෙනෙක් ටක් ගාලා තමන්ගෙ අන්තඃපුරයට ගෙන්න ගත්තලූ. (අනේ එහෙමත් වාසනාවක්) ඒ කාලෙත් අපි ඔය දැන් කියනව වගේ සමනල් කථා බිසවුන්නාන්සේලාට කියන්න ඇති නේද.
මම මේ කියන්නෙ මට මතක කාලෙ ඉඳලා. පස්සෙ මේ නවසිය අනූ ගණන් වල මුල නම් ප‍්‍රධානම වැඬේ වුනේ කෙල්ලට කොහොම හරි ඇඞ්රස් එකක් දී ගන්න එක. ඒකත් ගෙදරට අහු නොවෙන අනුන්ගෙ එකක්. එහෙම එකක් හොයා ගන්න එකත් සෑහෙන ලොකු ගේමක්. ඉස්සර අපි ටි‍්‍රප් එකක් එහෙම යනකොට ඇඞ්රස් ලියපු කොලකෑලි එහෙම අනිවාර්ය අංගයක්. ලියුමක් ආවත් නැතත් ඇඞ්රස් එක කෙල්ලෙක් අහුලගත්තොත් ඇති. ඔය කාලෙ තමයි මම අපේ පංති වල ලිපි ලිවීමේ අංශය භාරව හිටියෙ. මට සෑහෙන්න ඕඩර්ස් තිබුනා මොකද අනිත් හැම කොල්ලගෙම අකුරු වලට වඩා මගේ අකුරු ලස්සන නිසා. එකම ලියුම කිහිපදෙනෙකුටම දීපු අවස්ථාත් නැතිව නෙවෙයි. ලස්සන වැඬේ කියන්නෙ මම යාලූවෙන්න අහපු කෙල්ල මට කිවුවේ ‘‘අයියෙ, ඔයා ඔය කාටවත් කියල ලියුම් ලියන්නෙ නැතුව ඔයාම ලියල එවන්න කියල’’ ඒ තරමටම අපේ ඉස්කෝලෙ මගෙ අත් අකුරු ජනප‍්‍රිය වෙලා තිබුනා. මම හිතන්නෙ එයාටත් මම ලියපු එකක් කවුරුහරි දෙන්න ඇති.
පස්සේ පස්සේ ලිපි ලිවීම සෑහෙන්න ජනප‍්‍රිය වුනා. අතේ තැපැල් තමයි ඉතින් ආරක්‍ෂිත මාර්ගය වුනේ. කෙල්ලෙකුට ලියුමක් දුන්න කියන්නෙ ඉතින් ඊට වැඩි දෙයක් නැහැ. පොත් අස්සෙ දාලා, අතේ හංගගෙන ගිහින්, කැසට් පීස් එකක් අස්සෙ දාලා, කෝඩිනේටර් කෙනෙක් හරහා යවන ලියුමක් ඉතින් ලෝකෙටත් එහා. ඒකට එන උත්තරයක් ගැන කියල වැඩක් නැහැ. ඔහොම ගිය මේකට අනූ ගණන් වල මැද භාගයේ ස්ථාවර දුරකථනය එකතු වුනා. ඒත් ඉතින් ගෙවල් වල කොහෙද ටෙලිපෝන්. කොමියුනිකේශනුත් හැම තැනම තිබුනෙ නැහැනෙ. මට මගේ බිරිඳත් හම්බවෙන්නෙ ඔන්න ඔය ස්ථාවර දුරකථන ගෙවල් වලට ලැබෙන්න පටන් ගත්තු 1998 වගේ කාලයේ. ඊට වැඩියෙ ඒ ගැන ලියන්න හොඳ නැහැනෙ.
අනේ ඉතින් අපිත් කොළඹට වෙලා ඉන්න කාලෙ ඕන්න 13500/- ක්ම දීලා ඇල්කටෙල් මොබයිල් එකක් ගත්තා. ඒ වුනාට ඉතින් කෝල් වල ගණන්. ඒ කාලෙ රීලෝඞ් නැහැ. 400 කාඞ් විතරමයි. හැම තැනකටම වැඩ කරන්නෙත් නැහැ. මමයි මගේ බිරිඳයි දුරකථනයෙන් සෑහෙන්න කථා කලා. එයාටම කියල එකක් මම අරන් දුන්නෙ 2001 විතර.
ඔන්න ඊට පස්සෙ ආවෙ දුරකථන ආදරය. මල් කැඩිල්ල. මේ ආදරය කිරිල්ල 2008 විතර වෙනකන් සෑහෙන්න දරුණුවට ආව මම දන්න හැටියට. ඒත් දැන්……. අපි ඔක්කොම වර්චුවල් වැඩ. කිසිම කෙනෙක් හම්බවෙන්නෙ නැහැ. ඒත් ලග ඉන්නවා වාගේ හැමතිස්සෙම. ලෝකය කුඩා වෙලා. මිනිස්සු වන අපි ඈත් වෙලා.
මගේ අකුරුත් කැත වෙලා. ලිපියක් ලියන්න සමනල් අදහස් එන්නෙත් නැහැ. හොරෙන් ඇඞ්රස් එකක් දෙන්න හිතෙන්නෙවත් නැහැ. එස් එම් එස් එකකට උත්තර ලියන්නෙත් බොහොම කලාතුරකින්. කෝල් එකක් දෙන්නෙත් අවශ්‍යතාවයකට විතරයි. මූණුපොතේ……. ඒක කරන්න බැහැනේ. නීතිවිරෝධියි.
හැබැයි……. මීට අවුරුදු 15 – 20 ට කලින් මේ වයර්ලස් තාක්‍ෂණය තිබුනනම්…… අපේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා…….. දැන් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ……. අපි පරක්කු වැඩිද මන්ද……..
0 comments:
Post a Comment