මේ කථාව කිව්වෙ වෙන දෙයකට නෙමෙයි, තවත් භාෂාවක් දැනගෙන සිටීමේ අගය පෙන්වන්නයි.ඉන්දියාවේ ජාතික පාසල් වල, චීන භාෂාව ඉගැන්වීමට දැන් පිඹුරුපත් සකස් කරෙමින් පවතිනවා. ඒකට හේතුව, ඉන්දියාවේ ලොකුම වෙළඳ සගයා චීනය නිසයි. දැනට ලෝකයේ ඉහළම වර්ධනය පෙන්වන්නේත් චීන ආර්ථිකයයි.මේ කටයුත්තේ මූලිකයා ඉන්දියවේ මානව සම්පත් දියුණු කිරීමේ ඇමති කපිල් සීබල්. ඔහු කියන්නේ දැනට ඉන්දියානුවන් විශාල පිරිසකට ඉතා හොඳ ඉංග්‍රිසි දැනුමක් ඇති නිසාත්, ඉන්දියානු ජනගහනයෙන් සියයට 60 ක් වයස අවුරුදු 25 ට වඩා අඩු නිසාත්, අනාගතයේදී ජාත්‍යන්තර සේවා සැපයීමේ අංශයෙන් (Global Services Industry),ඉන්දියාව ලොව ප්‍රබලයා කළයුතු බවයි. (ආයෙත් මතක් කරනවා, මෙහෙම හිතන්නේ අධ්‍යාපන ඇමති නොවෙයි! ඔන්න දේශපාලඥයෙකු දැකිය යුතු දුර!)
රටක් වටින මේ දේශපාලඥයාගේ පසුබිම ගැනත් වචනයක් හෝ නොකියා බැහැ නේ. කපිල්ගේ පියා ඉන්දියාවේ පද්ම භූෂණ සම්මානයෙන් පිදුම් ලැබූවෙක්. ඉන්දියානු ජනාධිපතිවරයා විසින් පිදෙන මේ සම්මානය, ඉන්දියානුවෙකු තම රට වෙනුවෙන් කල සේවය අගයන්නක්. එවැනි මිනිසෙකුට දාව උපන් කපිල් සිබල් තම පළමු උපාධිය ලබා ගෙන තියෙන්නේ දිල්ලි සරසවියෙන්.ඉන්පස්සෙ පශ්චාත් උපාධිය ලබා ගෙන තියෙන්නේ හාවඩ් සරසවියෙන්.ඔහු තමයි ආක්ටික් ප්‍රදේශයේ පර්යේෂණ කිරීම සඳහා ඉන්දියානු විද්‍යඥයන්ට අවස්ථාව ලබා දීමට,"හිමද්රි" පර්යේෂණායතනය දියත් කිරීමේ පුරෝගාමියා. ඒවාගේම, ඇන්ටාක්ටික් මහාද්වීපයට පය තැබූ එකම ඉන්දීය දේශපාලඥයාත් ඔහුයි.ඒ වෙන දෙයකට නෙමෙයි. ඇන්ටාක්ටික් කලාපයේ සේවයේ යෙදෙන විද්‍යාඥයන්ගේ අසීරුතා සොයා බලන්නයි.(පාර්ලිමේන්තුවට යවන්නම වටින මනුස්සයෙක් නේද?)
කොහොම නමුත් ඉන්දියානුවන් කනගාටු වෙනවාලු චීන බාසාව පාසල් විෂයමාලවට එකතු කරන්න් මෙතරම් කල් ගියේ ඇයි කියලා.හේතුව ඇමරිකාවේ චීන භාෂාව උගන්නන්න පටන් අරන් තියෙන්නේ මීට අවුරුදු 40 කට කලිනුයි. බ්‍රිතාන්‍ය පාසල් වලත් දැනට ප්‍රචලිත විදේශ භාෂා අතරින් 4 වන තැන පවතින්නේ චීන භාෂාවයි.
මා නම් දකින්නේ සිංහල හා ඉංග්‍රිසි භාෂා දෙකම මීට වඩා හොඳින් ලාංකීය පාසල් වල ඉගැන්වියයුතු බවයි. ඉංග්‍රීසි භාෂාව ගැන ව්‍යක්ත දැනුමක් පාසල් වලින් නොලැබෙන එක ලොකුම අඩුවක්. ලංකාවේ ඉහළට ඉගෙනීමක් කරන අය පවා, ඕ ලෙවල් වලින් පස්සේ, ආයෙත් ඉංග්‍රීසි ඉගෙනීමක් කරන්නේ නැහැ. මේ නිසා, වෘත්තිමය වශයෙන් ඒ පිරිස පසුබානවා. තමන්ගේ ක්ෂේත්රය පිළිබඳ කොතරම් පෘථුල දැනුමක් තිබුණත්, භාෂාමය දැනීම අඩු නම් ඒ හැමදෙනාම එක තැනක දී හිර වෙනවා.විදේශගතව සිටින ලාංකිකයන් තුල පවා මා මෙය දකිනවා.ඒත් වරද්ද වරද්දා හෝ ඉංග්‍රිසි ඉගෙන ගන්න උත්සාහ කරන කෙනාට හිනා වෙන එක නම් අනුමත කළ නොහැකියි. ඒකට මින්සුන්ගේ ආකල්පමය වෙනසකුත් ඕනෑ කරනවා. අපේ රටෙත් වැල යන පැත්තට මැස්ස ගැහුවොත් හොඳයි නේද
0 comments:
Post a Comment