
මේක නම් ටිකක් විතර ලවි කතාවක්. කට්ටිය කැමතිම නෑනේ අනුන්ගේ ලවි කතා කියවන්න නේද?

ආත්ම ගණනක ඉඳන් පාතා ගෙන ආ ඒ සෙහෙහස හීනෙකින් වගේ මට ලැබුනේ මං හිතුවේ වත් නැති තරං ලේසියෙන්. ඒ දවස් වල කෙල්ලන්ට විහිළු කර කර, බියර් බිබි ජොලියේ හිටිය මට… එක පාරටම වෙනස් වෙන්න වුනා. තාමත් තේරුමක් නෑ ඇයි ඒ කියලා. ඒත් මගේ යශෝධරාවට ආත්ම ගානක ඉඳන් තිබ්බ බැඳීම නිසා වෙන්න ඇති.
සිද්ධාර්ථ කුමාරයා වගේ මමත් අවුරුදු 16 දීම ශිල්ප දැක්වුවා. දුනු ශිල්ප කඩු ශිල්ප එහෙම නම් නෙවේ. කඩු ශිල්ප දක්වනවා තියා මට ඒ දවස් වල පොරොවකින් දර කෑල්ලක් පලා ගන්න බැහැ. ඒ දවස්වල කිව්වට අදටත් බැහැ. මොකද අපේ ගෙදර උයන්නේ ගෑස් ලිපේ නිසා.

කොහොම හරි දැන් දෙන්න එක්ක ශිල්ප උගෙන උගෙන ඉද්දී (හරිද මන්දා වචන ටික) යශෝධරා ඉල්ලුවේ නැතෑ මං කුමාරයා ගාව තිබ්බ CD රාජයෙක්ව. දීලත් බෑ… නොදිත් බෑ. දීලා බැරි, ඒකේ තිබුනනේ ඔය පිට රටවල actress ලා කියන නළඟනන්ගේ විකාර ටිකක්. නොදී බැරි යශෝධරාවගේ හිත පෑරෙන නිසා. කොරන්නම දෙයක් නැති තැන මං කුමාරයා තීරනය කලා ආත්ම ගානක ඉදන් යශෝධරාව ගැන පුරපු පාරමිතා ඔක්කොම මේ ආත්මෙදී නැති වෙන්න ඉඩ තියෙන නිසා, CD රාජයව නොදී ඉන්න. එහෙම කලා කියමුකෝ අන්තිමේ. ඊට පස්සේ අහිංසක මං කුමාරයාට බඩුම තමයි. යශෝධරා මාව දාලා අභිනිෂ්ක්‍රමනය කරන්න ලෑස්තිය. ඇයි දෙයියනේ මේ CD කෑල්ලක් හින්දා මාව දාල කන්ථක නැතුව තනියම යන්න හදන්නේ. ම්…. යශෝධරාවගේ හිත රිදිලා. ඔන්න ඉතිං මං කුමාරයා ආපහු පෙර ජාති දක්නා නුවණින් මං කුමාරයා පුරපු පාරමිතා සිහිකරලා අධිෂ්ඨාන කරා යාශෝධරා මාත් එක්ක ආපහු යාළු වෙන්න කියලා. ඒකත් හිතන තරම් ලේසි නෑ. ඇයි යශෝධරාත් බොහොම තැන්පත්, අධිෂ්ඨානශිලී කෙනෙක්නේ. ඒක නිසා ඉතිං තරහා වුනොත් ආයේ යාලු කරගන්න පොඩි දුෂ්කර ක්‍රියාවක් කරන්න ඕනේ. වරක් දෙවරක් නම් ඉතිං අධිෂ්ඨාන බලයෙන් සිටිස් ගාලා යාළු වුනා. ඒත් හැමදාම නෑ.
පස්සේ ඉතිං ටික දවසකින් ආපහු හිංදි නළඟනන්ගේ විකාර ටිකක් දීලා, යශෝධරාව මගේ මාලිගාවෙම නතර කරගත්තා. ඒ තමා මගේ පළමු යුද්ධ ප්‍රකාශය. කොහොම හරි කරලා යශෝධරා තොමෝ අන්තිමේ අභිනික්මන නවත්තලා මාත් එක්ක සතුටින් ඉන්නවා. සතුටින් කිව්වට මං කුමාරයා නම් ටිකක් දුකින්. අවුලක් නෑ ටික කාලයයිනේ.
ඇත්තටම යශෝධරා නැතිවෙන්න… (ආයෙමත්) මට බඩුම තමා. තාමත් මට හිතාගන්න බැහැනේ යාශෝධරාව වනන්න වෙන උපමාවක්. මේ වනන්න කිව්වේ රෙදි වනනවා වගේ වැලක වනන්න නෙමේ, වර්ණනා කොරන්න. ඔය බෞද්ධ සාහිත්‍ය දන්න කව්රුත් දන්නවනේ යශෝධරා ගැන. ඒ තරම් ගුණයහපත් කාන්තාවක් මේ තුන්ලෝකෙම නැහැනේ. ඒ වගේ තමා මගේ යශෝධරාවත්. එයාගේ ඇත්ත නම යශෝධරා නම් නෙමේ තමා. ඒත් ඉතිං ගති ගුණ නම් ඔක්කොම නොවුනත් ඒ වගේ තමා. මේ… යශෝධරා ගැන දන්නේ නැති කව්රු හරි ඉන්නවනම් අපි මාර අයියාගෙන් අහගන්න පුළුවන් වෙයි. (අම්මපා මාරයා ඒවත් දන්නවද?) මාර අයියා දන්නේ බෞද්ධ සාහිත්‍යයේ එන යශෝධරා ගැන විතරයි හරිනේ. මගේ යශෝධරා ගැන එයා දන්නේ නෑ හොඳද?
ඔන්න එහෙනම් මගේ යශෝධරාවතේ එක කොටසක් ඉවරයි. තව කොටසක් ආයේ හිතුනම දාන්නම්. මොකද කියන්නේ කට්ටිය, මං කුමාරයාගේ යශෝධරාවත ගැන?
1 comments:
Posted by ගෝල්ඩ් fish නේ මචං. මොනාද බං කැත වැඩ කරන්නේ. පිරිමියෙක් නෙමේද උඹ?
Post a Comment