
වත්මන් ඇෆ්ඝනිස්ථානයෙන් හමු වූ මේ ඓතිහාසික බෞද්ධ ආරාමය මෙතෙක් හඳුනාගත් පැරැණිතම බෞද්ධ නටබුන් වලින් එකක් බව අවිවාදිත ය. ලංකාවේ පෞරාණික සිද්ධස්ථාන සියල්ලට ම වඩා අවම වශයෙන් සියවස් දෙකක් වත් දුරට යන ඉතිහාසයක් එයට තිබේ.
මෙතෙක් හමු වූ පැරැණිතම බෞද්ධ ලිඛිත මූලාශ්‍රවල නිජබිම ද ඇෆ්ඝනිස්ථානයයි. ගාන්ධාර දේශය ලෙස එකල හැඳින්වුණු මේ ප්‍රදේශයෙහි ව්‍යාප්තව සිටියේ ථේරවාදයට සමීප නෑකමක් ඇති ධර්මගුප්තක නිකාය ය.
අද චීනය, වියට්නාමය, කොරියාව, තායිවානය වැනි රටවල බෞද්ධ භික්ෂු-භික්ෂුණීන් වහන්සේලා අනුගමනය කරන්නේ ධර්මගුප්තක විනය යි. විනය සම්ප්‍රදාය අනුව ගතහොත් මේ ආදිතම බෞද්ධ මූලාශ්‍රවල අයිතිකරුවන් ගේ මුනුපුරෝ ඔවුහු වෙති.
බුදු දහමට එකම උරුමක්කාරයන් තමන් ය යි සිතා සිටින ඇතැම් ථේරවාදීනට වඩා ප්‍රබල ඓතිහාසික උරුමයක් මේ ‘මහායානිකයනට’ තිබීම ඉතිහාසයේ සරදමකි.
0 comments:
Post a Comment