ගොර බිරම් සසරෙහි
ගලා යයි ජීවිත ගඟ
සැඬ පහර දරුණුය
දිය සුළිද බැලු බැලු අතම වෙත
අප ඉවුරු දෙපසය
නො ඇසෙන තරම් දුර
ඒදණ්ඩ යාවෙන
කෙලෙසකින් තරණය කරන්නද?
ගියවුන් මිසක මඟ දුර
නොමැත තරණය කළ දන
කඳුළු සඟවා ගෙන
හිඳිමු දෙපසම සිනාසී ගෙන
ගලා යයි ජීවිත ගඟ
සැඬ පහර දරුණුය
දිය සුළිද බැලු බැලු අතම වෙත
අප ඉවුරු දෙපසය
නො ඇසෙන තරම් දුර
ඒදණ්ඩ යාවෙන
කෙලෙසකින් තරණය කරන්නද?
ගියවුන් මිසක මඟ දුර
නොමැත තරණය කළ දන
කඳුළු සඟවා ගෙන
හිඳිමු දෙපසම සිනාසී ගෙන
0 comments:
Post a Comment