Friday, December 17, 2010

මම ජෙප්පෙක් තරම් (බිග්)ජෙක් නොවෙමි....!!!

විශ්ව විද්යාතලය නිල වශයෙන් විශේෂවේ දී දෙවන සහ තෙවන වසරවල සිසුන්ට හා දෙවන වසර සිසුන්ට තහනම් කලාපයක් බවට ප්රකාශ කරන ලද්දේ ඊයේ (15) සවස ය. සිද්ධිය සැල කළ මාමා පසු දින ඔහු හා රාජකාරී කටයුත්තකට ආරාධනා කළේ ය. දැන් විශ්ව විද්යාසලය වසා ඇති බැවින් ඇරයුම පිළිගතිමි. පසුව පවුලේ වටමේසයේ දී කතාව ඇදී ගිය අතර අයෙක් “ඔය ජේ.වී.පී කාරයො නැත්නම් මුකුත් නෑ” යැයි කීහ. ඒ කතාව මට ටිකක් වැදුන බැවින් මෙසේ ලිවීමට සිත්වූ අතර මේ සියල්ල මා දරනා පුද්ගලික ආකල්පය සේ සැලකුව මනාය. ඊට විරුද්ධ වීමට ඔබට ශුද්ධ වූ අයිතියක් ඇත......
මාතෘකාව ජ.වි.ප ය වූ බැවින් එයින් පටන් ගනිමු. ප්රථම කඩයිම් ප්රශ්නයයි. මේ කියනාකාරයට කැලණිය විශ්ව විද්යා.ලයේ ජේ.වී.පී ය ක්රියාත්මක ද? මගේ සෘජු පිළිතුර නම් කැලණියේ ජ.වි.ප ය වළදමා බොහෝ කල් ගොස් ඇති බවයි. නමුත් එහි මරණ සහතිකය අභ්යීන්තර සිසුන් ලෙස අපි බාහිර ලෝකයාගෙන් වසන් කරමු. ඒ ජෙප්පන්ට සාමාන්ය. ජනතාව බිය යැයි දක්වන හණමිටි ගණන්කාරකම නිසා දැයි මම නොදනිමි. නමුත් විප්ලවවාදියා පයිසයකට ‍හෝ ගණන් නොගන්නා යුගයක තරුණ ජේ.වී.පී ගැටවුන් මොන කජ්ජක් ද?
උපතින් ම කොළ අලියෙක් වූ මා අවම වශයෙන් සරසවියේ දී හෝ පොද්දෙක් ජෙප්පෙක් වීමට සිහින මැව්වෙමි. ඒ ජ.වි.පයේ කැට හොල්ලන හෝ අන්තරේට කඩේයන්නෙකු වශයෙන් නොව මාක්ස්වාදය, සමාජවාදය නැතිනම් මානවවාදය, පුනරුදය ආදී කාරණා ගැන යම් දැනුමක් ලැබීමේ අභිලාශයෙනි. එහෙත් එහි කිසිදු තැනක කිසිවෙක් එවැනි ගැඹුරු දර්ශනයන් ගැන සාකච්ඡා නොකරන අතර අපේ විප්ලවාදී අදහස් සියල්ල ජිම් කැන්ටිමේ එල්ලා ඇති ලෙනින් මාර්ක්ස් ආදීන්ගේ ‍ඡායාරූප සමූහයටත් “අප මිනිසුන් තැනිය යුත්තේ අප පසුකර යාමට ය.” යන සිල්ලර ප්රකාශනයටත් ලඝු වී ඇත. මේ කාරණා දෙක සහ නිතිපතා දර්ශනය වන කේඩෑරි සටන්පාඨ ගත් අන්තරේ විශාල පුවරුව හැරුණු කොට කැලණියට පිවිසෙන ඔබට එහි සුවිශේෂී ජ.විපෙ බලකොටුවක් යැයි නොසිතෙනු ඇත. තත්ත්වය මෙසේ බැවින් එහි ජ.වි.ප ය ක්රියාත්මක බව කීම මහා මෝඩකමකි.
නමුත් ජ.වි.ප ය සම්බන්ධ මගේ එක්තරා පැහැදීමක් ද ඇති බව කිව යුතු ය. ඔවුන්ගේ විවේචන මම අගය කරමි. (සියල්ල විචේචන වලට සීමා වේ.) බල්ටි නැත-විසිල් පමණි. සත්යඔ දැන ගන්නට විදේශ නාලිකා නැරඹිය යුතු ලංකාවේ ඔවුන්ගේ පුවත්පත තරමක සත්යේ හෙළි කරන බැව් කියමි. ඒ මා ය. මගේ පියා නම් කිසි දිනක ඔවුන්ට ඡන්දය නොදෙනු ඇත. මා කුස හොවාගෙන ගිනි ගන්නා කිරිබත්ගොඩ නගරය මැදින් නිවසට පැමිණියේ මා නොවේ. රාජ්ය දේපල ගිනි තබනු බලා සිටියේ මා නෙවේ. පාන් පෝලිමේ රස්තියාදු වූයේ මා නොවේ. සීමාසහිත පිරිසකට ඇරයුම් කර පැවති විවාහය මගේ නොවේ. ඒ සියල්ල අපේ පරම්පරාව වෙනුවෙන් ඔවුන් විදි දුක් ය. මා ඒ කිසිත් නොදන්නා නමුත් අවසාන විග්රහයේ දී මේ වචන ටික ලියා තබමි. “ජේ.වී.පී එක කියන්නේ කවමදාකවත් ලංකාවෙ බලයට එන්නෙ නැති එන එකෙක්ට කරන්න දෙන්නෙත් නැති කාලකණ්ණි පක්ෂයක්” මේ කතාව ඔබ ද අඩු වැඩි වශයෙන් අසා ඇතුවාට සැක නැත. එහෙත් නියමාකාරයෙන් නිරීක්ෂණය කරන්න මේ බව කියන්නේ තරුණ අප නොව දැන් මැදි වියට ආසන්න පිරිසක් පමණි.
අපි සියල්ලෝ ම ධනවාදී අර්ථ රටාවට පුරුදු වූ අප තුළ සමාජවාදී අදහස් වගා කරන්නට යාම තවත් ගොන්කමකි. සියල්ල වෙනස්වන විට සරසවි සිසුහු ද තම ආකල්ප වෙනස් කරගත් හ. ජ.වි.ප ය සුදු අලියෙකු වූ කල ඔවුහු 2005 දී එක රොත්තට සාටකයේ එල්ලුණේ විලාසිතාවට මෙනි. යුද්ධය දිනාගත් පසුව විශ්ව විද්‍යාලය තුළ එකදු ජෙප්පෙක් දක්නට නොලැබුණි. අද රටේ උද්ඝෝෂණ කරන, කැරළිකාරී හෝ මොනයම් හෝ විරුද්ධ ක්රියාමාරගයක් ගන්නා සියලු සරසවි ශිෂ්යින්ගෙන් අසා බැලුවහොත් ඒ බහුතරය ඡන්දය පාවිච්චි කළේ මහ එකාට ය. කැලණි සරසවියේ සිසුන් බොහෝ දෙනා මර්වින්ගේ ගැන්සියේ නිත්යු සාමාජිකයෝ වූහ. මුලින් වලිවලදී හැප්පුනු එම පිරිස් පසුව එක ම සාදයේ දී නැටුම් ගැයුම් කළහ. එක බෝතලය ‍බෙදාගත්හ. “මචං මූ එදා අපේ හතුරා... දැන්නම් බුදු බොක්ක” යනුවෙන් කියමින් අප පැමිණි ගම්වාසීන් සමග ඇතිවූ ගැටුමේ දී ඉදිරිපෙළ සිටි ආධාරකරුවෙක් හදුන්වා දෙන ලද්දේ මා මිතුරෙකි. ඉකුත් ජනාධිපතිවරණයේ දී සියලු සිසුන් ඉල්ලා සිටියේ මහඑකාට මිස ජෙනරාල්ට නෙදෙන ලෙසයි.
දැන් මහඑකා යකා වී ති‍බේ. අපේ පාළුයකා වී තිබේ. සියලු උපකුලපතිවරු පිම්පියන් ලෙස මහින්ද සූත්තරයට නටනවා විනා ස්වාධීනව ක්රියා නොකරති. ඇත්ත වශයෙන් ම එසේ කළ නොහැකිය. අද ඇත්තේ ජේ.වී.පි ය හා සිසුන් අතර ගැටුමක් නොව මහරජා ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ ගැටුමකි. එහි පාට නැත. අන්තරය නැත. ඇත්තේ යටත් වී දිවි රැක ගන්නවාද විරුද්ධ වී මිය යනවා ද යන්න තෝරා ගැනීම පමණි. සමස්ත වශයෙන් ලංකාව පුරා ඇත්තේ මේ තත්ත්වයයි. වරදාන මත දුවන බෙලහීන රජයකි අද අපට ඇත්තේ. තීරුබදු 50% අඩුකර වාහන දෙන්නේ ඒ නිසා ය. චන්ද්රිකා තම වැන්දඹුකම පෙන්වා යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ බිරින්දෑවරුන්ගේ විශ්වාසය දිනා දකුණට සිග්නල් දමා වමට හැරෙව්වා සේම මහ හූරා කන්න දුන් පතේ පැහැරීමට වැඩි වෙලා නොගත්තේ ය. පුද්ගලික විශ්වි විද්යාේලය පිහිටුවේ එහෙයිනි. රටේ පාලකයා ගැන නම් මට දුකය. එය වෙන ම කිව යුතු කතාවකි. රට රටට ඇග විකුණා මුදල් ගන්නා හිගන්නෙක්, දොඩම්ගොඩ බදා ගත් තම්බියෙක්, කේවට්ටයන් මහවුසදයන් පිරිවර කරගෙනත් ලොව ඉදිරියේ නිතිපතා හෙළුවෙන් සිටින රජෙක්???? ඒ වූ කලි කොන්දේසි විරහිතව අනුකම්පා කළ යුතු තත්ත්වයකි.

0 comments:

Post a Comment