Wednesday, December 8, 2010

පිළිබිඹුව

ගල් තලය මත හිඳින
අප දෙදෙන උදෙසාම
විල් දිය ද නිසසලව

නන්දනිය
මම දකිමි
නෙක් වන් මසුන්
අහසේ පියාඹන

නන්දනය
මම දකිමි
සොඳුරු විහඟුන්
දියේ පිහිනන

සොඳුර
ඉතා සොඳුරුය
මා දකින ලොව ඔබ
ඒ ලෙසම නො දැකීම

0 comments:

Post a Comment