මේ කියන්න යන්නේ කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර Rapidshare, Megashare, Hotfile, Turbobit වැනි File Sharing අඩ්වි වලින් තත් 60 කට වඩා ඉන්නේ නැතිව File ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක්. මෙය දැනගත්විට ඔබට හිතේවි ඇයි අපට මෙහෙම හිතුනේ නැත්තේ කියලා. හැබැයි මම මේක කලේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම නැත්නම් ඩොන්ගල් එකක් භාවිතයෙන්. SLT, CDMA වගේ ඒවගේ කරන්න පුලුවන්ද කියලා හරියට දන්නේ නෑ.
බොහොම සරලයි. එහෙනම් අහගන්නකෝ.
File Sharing අඩවි වල බාන්න ගියාම ඒ අය අපේ IP නම්බරය සේව් කරගන්නවා. අපිට තවත් ෆයිලයක් මිනිත්තු 30ක් ඇතුලතදී බාන්න දෙන්නේ නෑ.
ඒත් ඔබ දන්නවාද ඔබ අන්තර්ජාලයට සම්බන්ද වන සෑම අවස්තාවකදීම ඔබේ IP නම්බරය වෙනස් වන බව? දන්නැත්නම් දැනගන්න. ඒ කියන්නේ Disconnect කරලා, Connect කරන සැම අවස්තාවකදීම IP නම්බරය වෙනස් වෙනවා.
දැන් අපි මේ කරුනු දෙක එකතු කෙරුවොත් මොකක්ද වෙන්නේ?
අපි එක ෆයිල් එකක් බාලා. අපේ කනෙක්ෂන් Disconnect කරලා නැවත Connect කරනවා. එතකොට IP නම්බරය මාරු වෙනවා. එවිට අර අඩවියෙන් සේව් කරගත්ත නම්බරය නෙවේ තියෙන්නේ. අලුත් IP නම්බරයක්. ඒ කියන්නේ තත්. 60 විතරක් ඉදලා තවත් ෆයිලයක් බාගන්න පුලුවන් කියන එක.
වැඩේ එල නේද?
0 comments:
Post a Comment