අද සිට මම පරිගණක ජාලකරණය පිලිබදව ලිපිපෙලක් ඉදිරිපත් කරනවා. ඉඩ ලැබෙන විදිහට පියවරෙන් පියවර මේ ලිපි පෙල ඉදිරිපත් කිරීමයි බලාපොරොත්තුව. මගේ බ්ලොග් එක ලියන්නත්, අනෙක් බ්ලොග් කියවන්නත් කාලය විදිහට බොහෝවිට මම යොදා ගන්නේ මැදියම් රැයට ආසන්න කාලයක්. ඒ කාර්ය බහුලත්වය නිසයි. මොකද පොඩි ජොබ් කට්ටක් සෙට්වෙලා තියෙන්නේ මේ දවස්වල. කොල්ලෙක් වුනාම ජොබ් කට්ටක් හොයාගන්න එක අද කාලේ හැටියට කොච්චර අමාරැද කියලා ඔයාලත් දන්නවා ඇතිනේ. ඒක රැක ගන්නත් එපැයි. දවල් වරැවක ලොග් වෙන්නේ එහෙමත් වෙලාවක. ඒත් නිවාඩු නම් විතරයි. ඉතින් කියවීමේදී යම් ගැටලුකාරී තැනක් දැක්කොත්, අඩුපාඩුවක් ඇති තැනක් දැක්කොත්, තවත් කරැණු යෙදෙන්න ඕන තැනක් දැක්කොත් ඒ ගැනත් නොපමාව සදහන් කරන්නැයි කියා නිහතමානීව ඉල්ලීමක් ඉදිරිපත් කරන්නත් කැමතියි. කමෙන්ටුවකින් ඒ ගැන සදහන් කරන ලෙස ඉල්ලා සිටිනවා.
පරිගණක ජාලයක් යනු එක පරිගණකයක ඉදගෙන එකිනෙක හා සම්බන්ධ කොට ඇති පරිගණක සමූහයකින් සියළු වැඩ කටයුතු සිදුකිරීමට හැකියාව ලබාගන්නා ක්රමයකි. මේ සම්බන්ධව ඕන තරම් ලිපි ලියැවී ඇති බැවින් තවදුරටත් සමාලෝචනය කිරීමෙන් ලිපිය දිගු කිරීමේ අදහසක් නෑ. වැඩි දුර විස්තර විකිපීඩියාවලින්ම බලාගත හැකියි.
පරිගණක ජාලකරණයේ දී මූලිකවම සිදුවන්නේ පරිගණක 2ක් හෝ කිහිපයක් යම්කිසි මාධ්‍යක් ඔස්සේ සම්බන්ධ කර ඒවායේ ඇති දත්ත හුවමාරු කරගැනීම (Data Sharing) හෝ ඒ එකිනෙක අතර දත්ත සම්ප්‍රේෂණයකි (Data Communication). මූලික වශයෙන් මාධ්‍යය 2 ක් හරහා මෙය කරගත හැක.
1. නිදහස් අවකාශය ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය -
මෙහිදී මූලික වශයෙන්
a. රේඩියෝ තරංග (Radio Waves)
b. අධෝරක්ත කිරණ (Infrared Waves)
c. ක්ෂුදූ තරංග (Micro Waves) වැනි කිරණ වර්ග භාවිතා වේ.
මෙම කිරණ වර්ග සියල්ලක්ම දෘෂ්‍ය පරාසයට වඩා සංඛ්‍යාතයෙන් අඩු නිසා පියවි ඇසට දැකි නොහැකි වේ. මෙහි පහතින් දැක්වෙන්නේ එහි දල රෑප සටහනකි.
2. භෞතික මාධ්‍යන් ඔස්සේ දත්ත සම්ප්‍රේෂණය -
මෙහිදී මූලික වශයෙන්,
a. කොඇක්ෂියල් රැහැන් - Coaxial Cable
කොඇක්ෂියල් කේබල් තැනී ඇත්තේ ඇතුලතින්ම වූ සන්නායක තන්තුවක් ඒ වටා පරිවාරක කොටසක් ආවරණය කිරීමෙනි. ඉන් අනතුරුව එම පරිවාරක කොටස වටා යළිත් සන්නායක තන්තු දැලක් ලෙස පවතී. මෙම තන්තු දැලට පිටින් යළිත් පරිවාරක ආවරණයක් සම්බන්ධ වී ඇත. මෙම රෑප සටහන මගින් එය පැහැදිලි කර ගත හැක.
b. යුගල රැහැන් - Twisted Pair Wire
යුගල රැහැන් නිර්මාණය වී තිබෙනුයේ පරිවාරක වලින් ආවරණය වූ සන්නායක තන්තු 2 ක් එකිනෙක එතීමෙන් තැණුන යුගල තන්තු කිහිපයක් නැවත වතාවක් පොදුවේ තවත් පරිවාරක කොටසකින් ආවරණය වීමෙනි. දැනට ලංකාවේ බහුලවම භාවිතාවන කේබල් වර්ගයයි.
c. ඔප්ටික් ෆයිබර්-(ප්‍රකාශ තන්තු) Optic Fiber
මෙම රැහැන් ඉතා සිහින් ආරක්ෂක ස්තරයකින් ආවරණය කරන ලඳ (silicon) වීඳුරු සූත්‍රිකා වලින් සමන්විත වේ. ගමන් කරන්නේ සිහින් ආලෝක ධාරාවකි. මෙමගින් ආලෝකය ඉතා දිගුදුරකට, විහිදුවන හෙයින් ඉතා ඉහල දත්ත පරාසයක් ඉතා දිගු දුරකට සම්ප්‍රේෂණය කිරිමට හැකියාව පවති. දිගුදුර
Cabling සදහා යොදාගැනීමට දැනට ලෝකයේ ඇති හොදම රැහැන් වර්ගය මෙයයි. ලංකාවට මේ තාක්ෂණය ඊයේ පෙරේදා පැමිණි අලුත් තාක්ෂණයක් වුවත් LTTE සංවිධානය විසින් මෙම තාක්ෂණය 2000 වර්‍ෂයේ පමණ සිටම භාවිතා කර ඇතිබවට සාධක අපේ රණවිරැවන්ට හමුවී තිබෙනවා. ඔවුන් එම කාල වකවානුවේදී එක්රැස් කරගත් Fiber Optic Cable තොගයද අති විශාලයි. මෙම ඳෘෂ්ටික තන්තු විඳ්යුත් චුම්භක විකිරණ මගින් විකෘත නොවීම මෙහි ඇති විශේෂ ලක්ෂණයයි. සම්ප්‍රේෂණ වේගය තත්පරයට බිටු ට්‍රිලියනයකට වඞා ඉහළ අගයක් ගනී.
මීලඟට ජාලගත කළ හැකි ආකාර පිළිබඳව අධ්‍යයනය කිරීම වැදගත් වේ. මේවා Network Topologies ලෙස හඳුන්වා ඇත. මූලික වශයෙන් Network Topologies වර්ග 4 ක් හඳුන්වා දිය හැක.
1. Bus Topology - නිය මග ජාලය
2. Ring Topology - මුඳු ජාලය
3. Star Topology - තරු ජාලය
4. Mesh Topology - දල ජාලය
ඔයාලට තාම මේ කියලා දෙන්නේ පරිගණක ජාලකරණය යටතේ එන Concepts ගැන නිසා නීරස වෙන්නත් පුලුවන්. Practical පැත්තට යන්න ඉස්සරලා මේ ටික දැනගෙන ඉන්න එපැයි මුලින්ම. නේද?
නෙට්වර්ක් කිව්වම ඉතිං ගොඩක් නෙට්වර්ක් වර්ග තියෙනව. සාමාන්‍යයෙන් ඒ ඔක්කොම වගේ ප්‍රධාන කොටස් කීපයකට වෙන් කරන්න පුලුවන්. සාමාන්‍යයෙන් නෙට්වර්ක් එකක් විහිදෙන පරාසය අනූව ( ජාලය විහිදී ඇති ප්‍රදේශය අනුව) තමයි මේ වර්ග කිරීම වෙන්නෙ. එනම් අප සන්නිවේදන කටයුතුවල යෙදීමට බලාපොරොත්තුවන දුර පරිමාණය අනුව අරගෙනයි මේ වෙන් කිරීම කරල තියෙන්නේ. උඳාහරණ ලෙස පරිගණක, ෆැක්ස් යන්ත්‍ර, ස්කෑනර් , මුඳ්‍රණ යන්ත්‍ර, ඳුරකථන ආදි යන්ත්‍ර හාවිතා කරන දුර අනුවයි පහත පිලිවෙලින් දක්වා තිබෙන්නේ.
ඒ වර්ගකිරීම් වල මුලින්ම තියෙන්නෙ PAN (Personal Area Network) කියන එකයි. රැහැන් සහිත හා රැහින් රහිත කියලා වර්ග දෙකකට මෙය දැක්විය හැකියි. තේරෙන විදියට කියනවනම්, අපි හැමෝම වගේ ෆෝන් වල බ්ලූටූත් පාවිච්චි කරල තියනව. ඒ වගේම ඉන්ෆරෙඩ් පාවිච්චි කරල තියෙනවානේ. අන්න එතන තමයි පෑන් එකකට හොද උදාහරණයක් වෙන්නෙ. අපි ෆෝන් to ෆෝන්, ෆෝන් to පීසී කනෙක්ට් කෙරුවම තියෙන්නෙත් පෑන් එකක් තමයි. මෙහිදී රැහැන් සහිත ක්රමයේදී USB, FireWire යනාදිය භාවිතාකරයි. Infarade, Bluetooth, UWB, Z-Wave and ZigBee යනාදීh රැහැන් රහිත තක්ෂණයේදී යොදා ගැනීමේ හැකියාවක් පවතී. මෙම සන්නිවේදන තාක්ෂණයන් පිලිබදව මම මීට පෙර මගේ බ්ලොග් අවකාශයේදී වයර්ලස් තාක්ෂණය කියන මාතෘකාව යටතේදී කතා කර තිබෙනවා. පෑන් එකක විශේෂත්වෙ තියෙන්නෙ සම්බන්ධ වන උපකරණ සාමාන්‍යයෙන් පේන මානයේ, එනම් උපරිම අඩි 50ට අඩුවෙන් තිබීමයි. මෙම ක්‍රමයටද සාමාන්‍ය ජාලයක කරන දේවල් කරන්න පුලුවන්. ඒ කියන්නෙ ප්‍රින්ටර්, ෆයිල් ෂෙයා කරන වගේ ඒව කලහැකි. මෙය රැහැන් රහිත, එනම් වයර්ලස් (Wireless) ක්‍රමයක් ලෙස දැත්විය හැකියි. මෙම ජාලයකට තවත් උදාහරණයක් ලෙස විවිධ රටවල් තමන්ගේ හමුදාවන්හි යුධමය ශක්තිය දියුණු කරගනු පිණිස දියුණු කරන ලද නවීනතම සන්නාහ සන්නද්ධ ආරක්ෂක ඇදුමත් මෙම Personal Area Network යන තාක්ෂණයට අයත් වෙනවා.
මේ නම ගොඩක් දෙනෙක් අහලත් ඇති. LAN (Local Area Network) අපි හුඟක් වෙලාවට පාවිච්චි කරන්නෙත් මේ නෙට්වර්ක් වර්ගය තමයි. සරල තේරැමින් කීවොත් LAN යනු විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ/ආම්පන්න 2ක් හෝ ඊට වැඩි ගණනක් තනි ජාලයකට සම්බන්ධ වී තිබීම යි. උදා. පරිගණක වලට අමතරව වෙනත් විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික උපකරණ කැමරා, ටීවී, ආරක්ෂක සංඥා උපකරණ වැනි දේ ජාල වලට එකතු වී කමියුනිකේෂන් එකට සම්බන්ධවීමයි. කාර්යාලවල , හුඟක් ඉන්ටර්නෙට් කැෆේ වල, සමහර විටක අප ගෙදර භාවිතයටත් යොදාගන්නා මෙම නෙට්වර්ක් වර්ගය කුඩා වපසරියක් තුල පිහිටුවා ඇති පද්ධතියක් ලෙත් හැදින්විය හැකියි. වේගය අතින් ගත්තාම නම් අනෙක් ජාලයන්ට සාපේක්ෂව ඉතාමත්හොඳ වේගයක් ලබාගන්න පුලුවන්. එය තත්පරයට මෙගාබයිට්ස් 10Mbps හා 100Mbps සිට ගිගාබිට්ස් 1 (1Gbps) දක්වා පමණ වන වේගයකට දියුණු කල හැකියි. මෙවැනි කේබල් එකක් ගමන් කල හැකි උපරිම සම්මත දුර දැක්විය හැක්කේ මීටර් 100. නමුත් වෙනත් කිසිදු බාහිර බලපෑමක් එල්ල නොවේනම්(චුම්බක ක්ෂේත්රයක බලපෑම වැනි) ඊටත් එහා දුරක් දක්වා ජාලය විහිදුවන්න පුලුවන්. ලෑන් එකෙත් වයර්ලස් මාදිලියක් ඇත.එනම් මෙම ඡායාරෑපයේ දැක්වෙන පරිදි රවුටර් එකන් ස්විචයට ගිය පසු වෙනම ලයින් එකකින් ඇක්සස් පොයින්ට් එකක් හරහා වයි ෆයි ආකාරයට එයට සපෝට් කරන උපාංගවලට එනම් පරිගණක, මොබයිල් ඩිවයිසස්, ලැප්ටොප් ආදියට පිවිසීමට ඉඩ ලබා දීමයි.
මේක නම් ඒතරම් අහල පුරුදු නැති එකක් වෙන්න පුලුවන්. මේවා සාමාන්‍යයෙන් LAN එකකට වැඩිය විශාලයි. LAN කිහිපයක එකතුවක් ලෙසත් හැදින්විය හැකියි.
මේ නෙට්වර්ක් එක ලෑන් සහ කෑන් වල එකතුවක්. ඒක නිසා මේ ජාල වර්ගය කෑන් එකකට වඩා විශාලව විහිදුන එකක්.
මේ නෙට්වර්ක් එක අනිත් නෙට්වර්ක් වලට වඩා වෙනස්ම විදියකටයි ක්‍රියාත්මක වෙන්නෙ. WAN යනු භුගෝලීය වශයෙන් වෙන් ව පවත්නා ස්ථාන අතර ඇති ජාල දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකට සම්බන්ධ වී තිබීම යි. සරලව හිතුවොත් Wireless LAN එකක් හා Wired LAN එකක් එකට එක්වීමත් මෙයට උදාහරණයක්.
GAN සංකල්පය භාවිතා කරන්නේ වයර්ලස් තාක්ෂණයේදී හා සැටලයිට් දත්ත සම්ප්රේෂණයේදීය. එනම් විශ්වයම තනි LAN එකකට ගෙන වැඩකරගත හැකි සංකල්පයකි. මේ සදහා ඉහතින් දැක්වූ සංකල්ප සියල්ලේම එකතුව අවශ්‍ය ආකාරයට හැඩ ගස්වාගෙන භාවිතා කරයි.
මෙය නම් ඉතා සංකීර්ණ මාතෘකාවක්. සරලව මෙහෙම බලමුකො. අපි LAN එකක් කියන්නේ ලග ලග ඇති පරිගණක කිහිපයක් නෙට්වර්ක් කරගන්න එකනේ.ඉතින් මේ ජාලය පොඩි එකක් නිසාත් ලග ලග නිසාත් ඒ අතර කමියුනිකේෂන් එක පහසුයි. නමුත් ඉන්ටර්නෙට් අතරට ගියාම මේ පහසුකම් නැතිවෙනවා. ඒ කියන්නේ ෆයර්වෝල් වෙනවා, IP range වෙනස් වෙනවා, ඩයිනමික් IP range එකක් නොලැබී යනවා,බ්ලොක් කරලා තියෙනවා, Protocol වල ගැටලු ආදී වශයෙන් විවිධ වූ ගැටලු මෙයට බලපානවා. ඊට අමතරව HSDPA භාවිතා කරනවනම් එය ගොඩක් බලපානවා. ඉතින් මේ ගැටලු මග හරවාගෙන ඉන්ටර්නෙට් අතර තියෙන පරිගණකයක් වෙනත් කොහේ හෝ තියෙන LAN එකක , ඒ LAN එක තුලම භාවිතාවෙන පරිගණකයක් බවට පත්කරගැනීමට පැමිණි ක්රමවේදයකට තමා අපි VPN(Virtual Private Network) එකක් කියලා හදුන්වන්නේ. මෙවැනි VPN එකක ඇති විශේෂත්වය තමා මේ අතර ගමන් කරන දත්ත encrypt වී ගමන් කිරීම. එනම් දත්ත transfer වීමේදී ඒවා කියවිය නොහැකි දත්ත ලෙස ගමන්කිරීම. එවිට එම දත්ත වල ආරක්ෂාව ගැන බිය වීමට අවශ්‍යත් නෑ. මොකද ඒවා ගමනාන්තයට යනතෙක් අතරමගදී කියවිය නොහැකි නිසා. බොහොමයක් සමාගම් සිය සමාගම ඇතුලත පවතින VPN අන්තරජාලය හා ආරක්ෂිත ලෙස සම්බන්ධ කරමින් විවිධ විධි ක්‍රම මගින් ලාභ ඉපැයීමේ ක්‍රමෝපායන් දැන් ප්‍රචලිතව පවතිනවා.
0 comments:
Post a Comment