මට තේරෙන්නෙ නැහැ අද මම ඉන්නෙ දුකින්ද සතුටින්ද කියලා..
ඒ කොහොම උනත් හිතනම් හුගාක් බරයි..
ඊයේ එයාගේ උපන් දිනේ...
පුදුම අපහසුවකින් දවස ගෙවිලා ගියේ..
ටිකක් හරි හිතට සහනයක් උනේ ඊයේ වැඩ දවසක් වීමයි..
රාජකාරියට හිත පැටළුනහම ටිකක් හරි මතකය අමතක වෙලා යනවා..
ඒ හින්දා යම් සහනයක් ලැබුනා උනත්...
අද...
උදෙන්ම මට මළ ගෙදරක යන්න උනා.
අපේ වැඩ පලේ සේවය කරපු දුප්පත් ගෑනු කෙනෙකුගේ මව මිය ගිහින්...
උදේ ගෙදර ආව ගමන්ම තේ එකක් හදාගෙන බීලා එහෙ ගියා..
ගිහින් පැය බාගයක් විතර රැඳී ඉඳලා ආපහු එන්නත් හිතලා ආයෙමත් හැරෙව්වා බයික් එක එයාගේ කර්ට්න් ෂොප් එක තියෙන ඉසව්වට..
මළ ගෙදර ඉඳලා ටික දුරයි...
යන කොට ෂොප් එක වහලා..
උදේ වැඩියි නේ අරින්න පරක්කු ඇති...
ඒත් තව ටිකක් ඉඳිරියට ගියේ ටවුම හරියටම ගිහිල්ලා හරවගෙන එනවා කියලා හිතාගෙන...
ටික දවසකින් මේ පැත්තේ ආවත් නැහැනේ...
ෂොප් එක පහු කරගෙන මීටර් දෙසීයක් විතර යනකොට මෙන්න මෙයා..තවත් ගෑනු ළමයෙකුත් එක්ක හිනා වෙවී කතා කර කර එනවා...
එයාලාව පහු කරගෙන බයික් එක ගියේ වේගය වැඩි හින්දයි.
හැබැයි එයා මාව දැක්කා..
බය වෙලා වගේ බලලා.ආයෙමත් ඉස්සරහ බලාගෙන යන්න ගියා..
මම හැකි ඉක්මනින් බයික් එක කරකවලා ගත්තා..
එයාලා ළගටම පිටු පස්සෙන් ගිහින් නැවැත්තුවා එයා හැරිලා බැළුවා...
මම ඇස් දෙකෙන් එයාට කතා කළා..ළගට එන්න කියලා...
එයා ආවා..ඇස් දෙකේ බයෙන් පිරිලා..
ඒත් එක්කම තමයි මම අනිත් ළමයව දැක්කේ එයාවත් මම අඳුරනවා...
හැබැයි වැඩි කතා බහක් නැහැ.
මට තේරුනා එයා හුගාක්ම බයෙන් ඉන්නේ ඒ හින්දයි කියලා...
එයා ඒ ළමයා දිහාවට හැරිලා
"අඳුරනවා නේද..?" කියලා ඇහැවුවා ඒ ළමයා යන්තං හිනා වෙලා ඔළුව වනලා ටිකක් පස්සට උනා...
"මම පණිවිඩයක් තිබ්බා හම්බ උනාද..?"
"මොකක්ද අම්මටද..?" අර ළමයා ඉන්න හින්දා කතාව වෙන පැත්තකින් යවනවා කියලා මට තේරුනා..
මොනවා උනත් එයාව අපහසුතාවයකට පත් කරන්න මට බැහැ.
"ඔව්.."
"මම අම්මට කියන්නම්..ඔයාට කෝල් එකක් දෙන්න කියලා..."
"හා.."
"කොහෙද යන්නේ..."
"මම .........ට යනවා"..අත දුරින් පේන නගරය ඇස් වළින් පෙන්නන ගමන් මම කිව්වා...
"මම යන්නම්.."
ඇය ඔළුව වැනුවා..
මම බයික් එක හරවාගෙන ටවුම පැත්තට ගිහින් ආපහු හරවගෙන ආවා..ඇය ෂොප් එක ගාවටම කිට්ටු කරලා...
මම පුළුවන් උපරිම වේගයෙන් ඇයත් පසු කරගෙන ආවා...
වාහන පෝලිම අතරින් කොහොම ආවාද මමම දන්නේ නැහැ...
හැප්පියං..ඔන එහෙක හැප්පියං...එතකොටවත් බලන්නේ නැතෑ..එහෙම හිතාගෙනම ඇසිල්ලකින් වාහන අතරින් පැදෙව්වත් කිසිම හානියකින් තොරවම වාහන පේළිය අතරින් එළියට මතු උනා...
මම ආයෙමත් හැරිලාවත් බැළුවේ නැහැ..එහෙමම ආවා...ගෙදරට එනකම්ම එක වේගයෙන්..ඔළුව යකාගේ කම්මල වගේ වෙලා...
බයික් එක නවත්තලා උඩට දුවලා ආවා...
එක හුස්මට උගුරු තුන හතරක්...පඩ පපුව පිච්චිලා යනවා මට තේරෙනවා..උදේ තේ එක විතරයිනේ...
ඒත් කමක් නැහැ..මැරිලා පලයං...
ඒ ඇස්..ඒ කතාව...ඒ ඒ..හැම දෙයක්ම නැති උන මං මැරිලා පලයං...
තවත් වෙන මොනවද මට ඉතුරු..?
..........................................
skip to main |
skip to sidebar
Pages
Wednesday, December 8, 2010
Blog Archive
-
▼
2010
(34)
-
▼
December
(34)
- මම ජෙප්පෙක් තරම් (බිග්)ජෙක් නොවෙමි....!!!
- එදා සහ අද ආදරය සන්නිවේදනය කරපු හැටි…..
- ගැහැනියක් පිරිමියෙක් වූ අපූරු කතාව [18+]
- පුපුරු ගහන තරු කැට....
- දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද
- හිත ඇතුලේ අනවසර ඉදිකිරිමක්
- හොර Payment Proofs හදන හැටි
- Free Web Hosting
- ඔබත් ෆෙන්ග් ෂුයි සරණ ගිය අයෙක්ද? එහෙනම් දැන්වත් අව...
- කෘතීම බුද්ධිය මිනිසා ඉක්මවා යයිද?
- File Sharing අඩවි වලින් බ්රේක් නැතිව බාමු
- oDesk මගින් මුදල් උපයන හැටි
- MS Excel වල cell rename කරන්න
- ජාවා තුල යෙදෙන I/O Streams යනු මොනවාද | Java I/O S...
- ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ...
- නියපොත්තේ පලඳින ඔරලෝසුව
- ලොව විශාලතම යන්තරය
- සැඟවුණු බිත්ති සේප්පුව
- පරිගණක ජාලකරණය
- බාසාව දාන්නත් ඉගෙන ගමු | Advocating the importance...
- මගේ යශෝධරා වත…
- Windows XP සදහා සියලුම Run Commands
- ඔන්න කෑෂියම් ආයෙත් වෑඩ පටන් අරන්....
- ජීවිතය ගැන සුනේත්රා කියන "කෙටි පණිවිඩය හා දිග කතා"
- ඩෙංගු මාරයාට තිත. මදුරුවන් පළවාහරින පරිපථයක් නිපදව...
- දිගු කළකින් හමු වී සෝ ළතැවුල් අදත් විදින්නේ මා පමණ...
- මේ දිනවල නැගලා යන සිංහල සිංදු එකතුවක්
- ඉවුරු දෙපස
- හොලවන්න බැහැ මාව
- පිළිබිඹුව
- තරහ වෙන්නෙ නෑති ආදරේ !!!
- සිඳගන
- ජීවිතයට යමක් - මැරෙන බව නොදන්න මිනිස්සු
- ගාන්ධාරයෙන් මතුවන අතීත බෞද්ධයෝ
-
▼
December
(34)
Powered by Blogger.
0 comments:
Post a Comment