
මේ කෘතීම බුද්ධිය(Artificial Intelligence) පිලිබඳ සංකල්පය ලොවට මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1956 MIT(Massachusetts Institute of Technology) හි John McCarthy නමැත්තකු විසින්. මෙහි අරමුණ වන්නේ නිර්මාණශීලිව කටයුතු කලහැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. එදා සිට අද දක්වා මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණුවෙමින් අද සාමාන්‍ය ජීවිතයට බොහෝ සමීපවී තිබෙනවා.අපිට බොහොම සමීප කෘතීම බුද්ධියක් සහිත වැඩසටහනක් තමයි පරිගණක චෙස් වැඩසටහන්, මීට අමතරව බොහෝ පරිගණක ක්‍රීඩා. ඇතැම් පරිගණක ක්‍රීඩා වලදී ප්‍රතිවාදියා අපව සොයාගෙන පැමිණෙන අවස්ථා බහුලයි නේද? මෙයත් එක්තරා අන්දමක කෘතිම බුද්ධියක් විසින් සිදු කරන්නක්.

සාමාන්‍යයෙන් ඉහල මට්ටමේ කෘතීම බුද්ධින් ලිවීමට භාවිතාකරන පරිගණක භාෂාදෙකක් තමයි Prolog හා LISP. ඉහල මට්ටමේ කෘතීම බුද්ධි වැඩසටහන් හොඳින් ධාවනය වීමට පද්ධතියේ ඉහල හැකියාවන් තිබිය යුතුද වනවා. උදාහරණයක් ලෙස අපි ගනිමු ඇතැම් කෘතීම බුද්ධින් තිබෙනවා මිනිස් මිනිස් මුහුණු විශාල ප්‍රමාණයක් අතුරින් දී ඇති එක් මුහුණක් හෝ කිහිපයක් හඳුනාගන්නට පුලුවන්. මෙය මිනිසාගේ ඇති ඉහල හැකියාවක්. නමුත් මිනිසාගේ මෙම හැකියාවට ආසන්න වශයෙන්වත් ලඟාවීමට කෘතීම බුද්ධින් වලට බැහැ. මොකද ඒකට හේතුව ? කෘතීම බුද්ධියකට එම හඳුනා ගැනීම යනු ද්වීමය සන්සන්දනයක් විතරයි(Binary Comparison). නමුත් මිනිස් සිතකට එය ඊට එහා ගිය දෙයක්. අපි හිතමු මිනිසුන් දහස් ගනණක් අතුරින් අප අපේ අම්මා හෝ තාත්තා හෝ එකවර දර්ශනය වුනා කියල අපිට දහස් ගණනක් සිටියත් ඔවුන් දර්ශනය වූ පසු එම හඳුනා ගැනීමට යන්නේ ඉතාම සුලු කාලයක් නෙවෙයිද? එම හඳුනා ගැනීමෙන් පසුව අපිට ඔවුන් ගැන ඇති හැඟීම අන් අය කෙරෙහි ඇති හැඟීමට , වැටහීමට වඩා වෙනස් නේද? නමුත් කෘතීම බුද්ධියට හඳුනා ගැනීමට එහා දෙයක් නැහැ කෘතීම බුද්ධියට ඒ සියල්ල දත්තයන් රැසක් විතරයි. මේ වෙනසට හේතුව මොකක්ද කියන එක මම හිතන විදියට අද පවතින විද්‍යාවෙන් තේරුම්ගන්න බෑ. බුදු දහමට අනුව මෙය තේරුම් ගැනීම ඉතාම පහසුයි මිනිස් මනස විඤ්ඥානයක ක්‍රියාකාරීත්වය නිසා හටගත්තක් එනම් මිනිස් මනස සවිඤ්ඥානිකයි. කෘතීම බුද්ධිය හුදෙක් ඉලෙක්ට්‍රෝන ක්‍රියාකාරීත්වයක් නිසා හටගත්තක් එයට විඤ්ඥානයක ක්‍රියාකාරීත්වයක් නැහැ එනම් එය අවිඤ්ඥානිකයි.
කෘතීම බුද්ධියක් ක්‍රියාකරන්නේ රාමුවක් තුලයි.එයට කිසියම් විශේෂ කාර්‍යයක් කිරීමට උපදස් මාලාවක් දී තිබෙනවා එම රාමුව තුල තමයි මෙම වැඩසටහන ක්‍රියාකරන්නේ. නමුත් ඇතැම් දෑ මිනිසාට වඩා ලක්ෂ වාරයකින් කාර්‍යක්ෂමව කෘතීම බුද්ධියකට කරන්න පුලුවන්. කිසියම් ගණනය කිරීමක් වැනි විශේෂ දෙයක් කිසිම වෙහෙසකින් තොරව කෘතීම බුද්ධියකට කරන්න පුලුවන්. කොටින්ම කිව්වොත් දෙන ලද රාමුව තුල විශිෂ්ඨ මට්ටමින් කටයුතු කරන්න පුලුවන්. නමුත් ගැටලුව තිබෙන්නේ රාමුව පැනවීමේදීයි. මෙය තනිකරම රඳා පවතින්නේ සැලසුම් කරන හා එය ක්‍රමලේඛනය කරන ලද ශිල්පීන් මතයි. ආදරය, ඊර්ෂ්‍යාව , ක්‍රෝධය , වෛරය වැනිදෑ මිනිසාටවත් හරියාකාරව අවබෝධ කරගැනීමට නොහැකිව පරිගණක වැඩසටහනකට රාමුගත කරන්නේ කොහොමද? මම දකින ආකාරයට එය කිසිදා කල නොහැක්කක්.

යම් දවසක මනුෂ්‍ය සංහතියම කෘතීම බුද්ධියක් නිසා විනාශවී ගියද කෘතීම බුද්ධිය මිනිසා අබිභවා ගියා යයි කිව නොහැක මන්දයත් එම විනාශයට මග පාදන ලද්දේ මිනිස් බුද්ධියයි. එම විනාශය සිදුකල රාමුව පනවන ලද්දේ මිනිස් බුද්ධියයි. එමනිසා කිසිවිටෙක කෘතීම බුද්ධියකට(පරිගණක වැඩසටහනකට )මිනිස් බුද්ධිය අභිබවා යා නොහැකිය.
මේ ගැන ඔබගේත් අදහස් ඉදිරිපත් කරන්න.
0 comments:
Post a Comment