Friday, December 17, 2010

මම ජෙප්පෙක් තරම් (බිග්)ජෙක් නොවෙමි....!!!

විශ්ව විද්යාතලය නිල වශයෙන් විශේෂවේ දී දෙවන සහ තෙවන වසරවල සිසුන්ට හා දෙවන වසර සිසුන්ට තහනම් කලාපයක් බවට ප්රකාශ කරන ලද්දේ ඊයේ (15) සවස ය. සිද්ධිය සැල කළ මාමා පසු දින ඔහු හා රාජකාරී කටයුත්තකට ආරාධනා කළේ ය. දැන් විශ්ව විද්යාසලය වසා ඇති බැවින් ඇරයුම පිළිගතිමි. පසුව පවුලේ වටමේසයේ දී කතාව ඇදී ගිය අතර අයෙක් “ඔය ජේ.වී.පී කාරයො නැත්නම් මුකුත් නෑ” යැයි කීහ. ඒ කතාව මට ටිකක් වැදුන බැවින් මෙසේ ලිවීමට සිත්වූ අතර මේ සියල්ල මා දරනා පුද්ගලික ආකල්පය සේ සැලකුව මනාය. ඊට විරුද්ධ වීමට ඔබට ශුද්ධ වූ අයිතියක් ඇත......
මාතෘකාව ජ.වි.ප ය වූ බැවින් එයින් පටන් ගනිමු. ප්රථම කඩයිම් ප්රශ්නයයි. මේ කියනාකාරයට කැලණිය විශ්ව විද්යා.ලයේ ජේ.වී.පී ය ක්රියාත්මක ද? මගේ සෘජු පිළිතුර නම් කැලණියේ ජ.වි.ප ය වළදමා බොහෝ කල් ගොස් ඇති බවයි. නමුත් එහි මරණ සහතිකය අභ්යීන්තර සිසුන් ලෙස අපි බාහිර ලෝකයාගෙන් වසන් කරමු. ඒ ජෙප්පන්ට සාමාන්ය. ජනතාව බිය යැයි දක්වන හණමිටි ගණන්කාරකම නිසා දැයි මම නොදනිමි. නමුත් විප්ලවවාදියා පයිසයකට ‍හෝ ගණන් නොගන්නා යුගයක තරුණ ජේ.වී.පී ගැටවුන් මොන කජ්ජක් ද?
උපතින් ම කොළ අලියෙක් වූ මා අවම වශයෙන් සරසවියේ දී හෝ පොද්දෙක් ජෙප්පෙක් වීමට සිහින මැව්වෙමි. ඒ ජ.වි.පයේ කැට හොල්ලන හෝ අන්තරේට කඩේයන්නෙකු වශයෙන් නොව මාක්ස්වාදය, සමාජවාදය නැතිනම් මානවවාදය, පුනරුදය ආදී කාරණා ගැන යම් දැනුමක් ලැබීමේ අභිලාශයෙනි. එහෙත් එහි කිසිදු තැනක කිසිවෙක් එවැනි ගැඹුරු දර්ශනයන් ගැන සාකච්ඡා නොකරන අතර අපේ විප්ලවාදී අදහස් සියල්ල ජිම් කැන්ටිමේ එල්ලා ඇති ලෙනින් මාර්ක්ස් ආදීන්ගේ ‍ඡායාරූප සමූහයටත් “අප මිනිසුන් තැනිය යුත්තේ අප පසුකර යාමට ය.” යන සිල්ලර ප්රකාශනයටත් ලඝු වී ඇත. මේ කාරණා දෙක සහ නිතිපතා දර්ශනය වන කේඩෑරි සටන්පාඨ ගත් අන්තරේ විශාල පුවරුව හැරුණු කොට කැලණියට පිවිසෙන ඔබට එහි සුවිශේෂී ජ.විපෙ බලකොටුවක් යැයි නොසිතෙනු ඇත. තත්ත්වය මෙසේ බැවින් එහි ජ.වි.ප ය ක්රියාත්මක බව කීම මහා මෝඩකමකි.
නමුත් ජ.වි.ප ය සම්බන්ධ මගේ එක්තරා පැහැදීමක් ද ඇති බව කිව යුතු ය. ඔවුන්ගේ විවේචන මම අගය කරමි. (සියල්ල විචේචන වලට සීමා වේ.) බල්ටි නැත-විසිල් පමණි. සත්යඔ දැන ගන්නට විදේශ නාලිකා නැරඹිය යුතු ලංකාවේ ඔවුන්ගේ පුවත්පත තරමක සත්යේ හෙළි කරන බැව් කියමි. ඒ මා ය. මගේ පියා නම් කිසි දිනක ඔවුන්ට ඡන්දය නොදෙනු ඇත. මා කුස හොවාගෙන ගිනි ගන්නා කිරිබත්ගොඩ නගරය මැදින් නිවසට පැමිණියේ මා නොවේ. රාජ්ය දේපල ගිනි තබනු බලා සිටියේ මා නෙවේ. පාන් පෝලිමේ රස්තියාදු වූයේ මා නොවේ. සීමාසහිත පිරිසකට ඇරයුම් කර පැවති විවාහය මගේ නොවේ. ඒ සියල්ල අපේ පරම්පරාව වෙනුවෙන් ඔවුන් විදි දුක් ය. මා ඒ කිසිත් නොදන්නා නමුත් අවසාන විග්රහයේ දී මේ වචන ටික ලියා තබමි. “ජේ.වී.පී එක කියන්නේ කවමදාකවත් ලංකාවෙ බලයට එන්නෙ නැති එන එකෙක්ට කරන්න දෙන්නෙත් නැති කාලකණ්ණි පක්ෂයක්” මේ කතාව ඔබ ද අඩු වැඩි වශයෙන් අසා ඇතුවාට සැක නැත. එහෙත් නියමාකාරයෙන් නිරීක්ෂණය කරන්න මේ බව කියන්නේ තරුණ අප නොව දැන් මැදි වියට ආසන්න පිරිසක් පමණි.
අපි සියල්ලෝ ම ධනවාදී අර්ථ රටාවට පුරුදු වූ අප තුළ සමාජවාදී අදහස් වගා කරන්නට යාම තවත් ගොන්කමකි. සියල්ල වෙනස්වන විට සරසවි සිසුහු ද තම ආකල්ප වෙනස් කරගත් හ. ජ.වි.ප ය සුදු අලියෙකු වූ කල ඔවුහු 2005 දී එක රොත්තට සාටකයේ එල්ලුණේ විලාසිතාවට මෙනි. යුද්ධය දිනාගත් පසුව විශ්ව විද්‍යාලය තුළ එකදු ජෙප්පෙක් දක්නට නොලැබුණි. අද රටේ උද්ඝෝෂණ කරන, කැරළිකාරී හෝ මොනයම් හෝ විරුද්ධ ක්රියාමාරගයක් ගන්නා සියලු සරසවි ශිෂ්යින්ගෙන් අසා බැලුවහොත් ඒ බහුතරය ඡන්දය පාවිච්චි කළේ මහ එකාට ය. කැලණි සරසවියේ සිසුන් බොහෝ දෙනා මර්වින්ගේ ගැන්සියේ නිත්යු සාමාජිකයෝ වූහ. මුලින් වලිවලදී හැප්පුනු එම පිරිස් පසුව එක ම සාදයේ දී නැටුම් ගැයුම් කළහ. එක බෝතලය ‍බෙදාගත්හ. “මචං මූ එදා අපේ හතුරා... දැන්නම් බුදු බොක්ක” යනුවෙන් කියමින් අප පැමිණි ගම්වාසීන් සමග ඇතිවූ ගැටුමේ දී ඉදිරිපෙළ සිටි ආධාරකරුවෙක් හදුන්වා දෙන ලද්දේ මා මිතුරෙකි. ඉකුත් ජනාධිපතිවරණයේ දී සියලු සිසුන් ඉල්ලා සිටියේ මහඑකාට මිස ජෙනරාල්ට නෙදෙන ලෙසයි.
දැන් මහඑකා යකා වී ති‍බේ. අපේ පාළුයකා වී තිබේ. සියලු උපකුලපතිවරු පිම්පියන් ලෙස මහින්ද සූත්තරයට නටනවා විනා ස්වාධීනව ක්රියා නොකරති. ඇත්ත වශයෙන් ම එසේ කළ නොහැකිය. අද ඇත්තේ ජේ.වී.පි ය හා සිසුන් අතර ගැටුමක් නොව මහරජා ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ ගැටුමකි. එහි පාට නැත. අන්තරය නැත. ඇත්තේ යටත් වී දිවි රැක ගන්නවාද විරුද්ධ වී මිය යනවා ද යන්න තෝරා ගැනීම පමණි. සමස්ත වශයෙන් ලංකාව පුරා ඇත්තේ මේ තත්ත්වයයි. වරදාන මත දුවන බෙලහීන රජයකි අද අපට ඇත්තේ. තීරුබදු 50% අඩුකර වාහන දෙන්නේ ඒ නිසා ය. චන්ද්රිකා තම වැන්දඹුකම පෙන්වා යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ බිරින්දෑවරුන්ගේ විශ්වාසය දිනා දකුණට සිග්නල් දමා වමට හැරෙව්වා සේම මහ හූරා කන්න දුන් පතේ පැහැරීමට වැඩි වෙලා නොගත්තේ ය. පුද්ගලික විශ්වි විද්යාේලය පිහිටුවේ එහෙයිනි. රටේ පාලකයා ගැන නම් මට දුකය. එය වෙන ම කිව යුතු කතාවකි. රට රටට ඇග විකුණා මුදල් ගන්නා හිගන්නෙක්, දොඩම්ගොඩ බදා ගත් තම්බියෙක්, කේවට්ටයන් මහවුසදයන් පිරිවර කරගෙනත් ලොව ඉදිරියේ නිතිපතා හෙළුවෙන් සිටින රජෙක්???? ඒ වූ කලි කොන්දේසි විරහිතව අනුකම්පා කළ යුතු තත්ත්වයකි.

එදා සහ අද ආදරය සන්නිවේදනය කරපු හැටි…..

ලියන්න නම් දේවල් බොහොමයයි. දැන් ආයතනයේ ව්‍යාපාර අංශය භාරව ඉන්න නිසා ඇත්තටම කාලවේලාව නම් අන්තිම අඩුයි. මූණුපොත පැත්තෙත් දවසකට එක පාරක් වගේ තමයි සැරිසරන්න වෙන්නෙ. මට හිතෙන හැටියට නම් මම මේ ලියන්න යන දේ ගැන සෑහෙන විස්තරයක් ලියන්න වෙයි වගේ. මගේ පුත‍්‍රයව දාන්න ගිය මොන්ටිසෝරිය මගෙ පංතියෙ අතිජාත හිතවතියක් (මචං කෙනෙක්) තමයි කරන්නෙ. මේක ලියන්න හිතුනෙත් එයා මට කියපු කථාවක් නිසා. ඒක බොහොම පරණ කථාවක් වුනාට මම ලියන්නෙ ඒක නෙවෙයි.
වැඬේ කියන්නෙ කාලෙකට පස්සෙ මට ඇප්ලිකේශන් එකක් පුරවන්න වුනා පුත‍්‍රයව භාර දෙන වෙලාවෙ. මම කිවුවා ‘‘මගේ අකුරු නම් ඇත්තටම දැන් නම් කැත වෙලා බං’’ කියලා. ඒ ඇසුරින් මට හිතුන තවත් එක් දෙයක් කියවල බලන්න.
ඉස්සර ආදරය කරපු අය සහ අද ආදරය කරන අය සන්නිවේදනය කරන හැටි පිළිබඳ සංසන්දනයක් කරල බැලූවොත් කොහොමට තියෙයි ද?
රජ කාලෙ නම් ඉතින් රජතුමා තමන්ට කැමති කෙනෙක් ටක් ගාලා තමන්ගෙ අන්තඃපුරයට ගෙන්න ගත්තලූ. (අනේ එහෙමත් වාසනාවක්) ඒ කාලෙත් අපි ඔය දැන් කියනව වගේ සමනල් කථා බිසවුන්නාන්සේලාට කියන්න ඇති නේද.
මම මේ කියන්නෙ මට මතක කාලෙ ඉඳලා. පස්සෙ මේ නවසිය අනූ ගණන් වල මුල නම් ප‍්‍රධානම වැඬේ වුනේ කෙල්ලට කොහොම හරි ඇඞ්රස් එකක් දී ගන්න එක. ඒකත් ගෙදරට අහු නොවෙන අනුන්ගෙ එකක්. එහෙම එකක් හොයා ගන්න එකත් සෑහෙන ලොකු ගේමක්. ඉස්සර අපි ටි‍්‍රප් එකක් එහෙම යනකොට ඇඞ්රස් ලියපු කොලකෑලි එහෙම අනිවාර්ය අංගයක්. ලියුමක් ආවත් නැතත් ඇඞ්රස් එක කෙල්ලෙක් අහුලගත්තොත් ඇති. ඔය කාලෙ තමයි මම අපේ පංති වල ලිපි ලිවීමේ අංශය භාරව හිටියෙ. මට සෑහෙන්න  ඕඩර්ස් තිබුනා මොකද අනිත් හැම කොල්ලගෙම අකුරු වලට වඩා මගේ අකුරු ලස්සන නිසා. එකම ලියුම කිහිපදෙනෙකුටම දීපු අවස්ථාත් නැතිව නෙවෙයි. ලස්සන වැඬේ කියන්නෙ මම යාලූවෙන්න අහපු කෙල්ල මට කිවුවේ ‘‘අයියෙ, ඔයා ඔය කාටවත් කියල ලියුම් ලියන්නෙ නැතුව ඔයාම ලියල එවන්න කියල’’ ඒ තරමටම අපේ ඉස්කෝලෙ මගෙ අත් අකුරු ජනප‍්‍රිය වෙලා තිබුනා. මම හිතන්නෙ එයාටත් මම ලියපු එකක් කවුරුහරි දෙන්න ඇති.
පස්සේ පස්සේ ලිපි ලිවීම සෑහෙන්න ජනප‍්‍රිය වුනා. අතේ තැපැල් තමයි ඉතින් ආරක්‍ෂිත මාර්ගය වුනේ. කෙල්ලෙකුට ලියුමක් දුන්න කියන්නෙ ඉතින් ඊට වැඩි දෙයක් නැහැ. පොත් අස්සෙ දාලා, අතේ හංගගෙන ගිහින්, කැසට් පීස් එකක් අස්සෙ දාලා, කෝඩිනේටර් කෙනෙක් හරහා යවන ලියුමක් ඉතින් ලෝකෙටත් එහා. ඒකට එන උත්තරයක් ගැන කියල වැඩක් නැහැ. ඔහොම ගිය මේකට අනූ ගණන් වල මැද භාගයේ ස්ථාවර දුරකථනය එකතු වුනා. ඒත් ඉතින් ගෙවල් වල කොහෙද ටෙලිපෝන්. කොමියුනිකේශනුත් හැම තැනම තිබුනෙ නැහැනෙ. මට මගේ බිරිඳත් හම්බවෙන්නෙ ඔන්න ඔය ස්ථාවර දුරකථන ගෙවල් වලට ලැබෙන්න පටන් ගත්තු 1998 වගේ කාලයේ. ඊට වැඩියෙ ඒ ගැන ලියන්න හොඳ නැහැනෙ.
අනේ ඉතින් අපිත් කොළඹට වෙලා ඉන්න කාලෙ  ඕන්න 13500/- ක්ම දීලා ඇල්කටෙල් මොබයිල් එකක් ගත්තා. ඒ වුනාට ඉතින් කෝල් වල ගණන්. ඒ කාලෙ රීලෝඞ් නැහැ. 400 කාඞ් විතරමයි. හැම තැනකටම වැඩ කරන්නෙත් නැහැ. මමයි මගේ බිරිඳයි දුරකථනයෙන් සෑහෙන්න කථා කලා. එයාටම කියල එකක් මම අරන් දුන්නෙ 2001 විතර.
ඔන්න ඊට පස්සෙ ආවෙ දුරකථන ආදරය. මල් කැඩිල්ල. මේ ආදරය කිරිල්ල 2008 විතර වෙනකන් සෑහෙන්න දරුණුවට ආව මම දන්න හැටියට. ඒත් දැන්……. අපි ඔක්කොම වර්චුවල් වැඩ. කිසිම කෙනෙක් හම්බවෙන්නෙ නැහැ. ඒත් ලග ඉන්නවා වාගේ හැමතිස්සෙම. ලෝකය කුඩා වෙලා. මිනිස්සු වන අපි ඈත් වෙලා.
මගේ අකුරුත් කැත වෙලා. ලිපියක් ලියන්න සමනල් අදහස් එන්නෙත් නැහැ. හොරෙන් ඇඞ්රස් එකක් දෙන්න හිතෙන්නෙවත් නැහැ. එස් එම් එස් එකකට උත්තර ලියන්නෙත් බොහොම කලාතුරකින්. කෝල් එකක් දෙන්නෙත් අවශ්‍යතාවයකට විතරයි. මූණුපොතේ……. ඒක කරන්න බැහැනේ. නීතිවිරෝධියි.
හැබැයි……. මීට අවුරුදු 15 – 20 ට කලින් මේ වයර්ලස් තාක්‍ෂණය තිබුනනම්…… අපේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා…….. දැන් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ……. අපි පරක්කු වැඩිද මන්ද……..

ගැහැනියක් පිරිමියෙක් වූ අපූරු කතාව [18+]





මිස් කෝල් එකෙන් ආරම්භ වූ ප්‍රේම කතාව
දෙවිනුවර ගන්ධරවත්තේ පදිංචි ඇය 23 හැවරිදි ඇගලුම් සේවිකාවකි.තුරුණු වියේ පසුවන ඇයට තම කුලුදුල් පෙම්වතා මුණගැසුනේ මිස්කෝල් එකක මාර්ගයෙනි.දුරකතනයෙන් ආරම්භවූ කතා බහ ප්‍රේම කතාවකට හැරෙන්නේ ඉතාමත් ඉක්මනිනි.


මම හමුදාවේ වැඩ කරන්නේ
"මම යුද හමුදාවේ වැඩ කරන්නේ. මට කියල කාත් කව්රුවත් නෑ.අම්මයි තාත්තයි දෙන්නම් නැති වෙලා."මේ අයුරෙන් දුරකතනයෙන් හාද වූ පෙමට මාස 6ක්ම ගතවුණු අතර ඇය තම දෙමව්පියන්ටද සිය පෙම්වතා ගැන දැනුම් දුන්නාය.ඒ අනුව ඔහු ඇයව බැලීමට පැමිණෙන්නේ ඔහුගේ මිතුරෙකුත් සමගයි.බලු බැල්මට කඩවසම් පෙනුමක් තිබු තරුණයට අයගේ සිත ඇදී ගියත් ඇයගේ පියාමෙයට විරුද්ධ වුයේ ඔහු ඇයට වඩා උසින් අඩු වීමයි.

මේ වගෙ කෙනෙක් ලැබෙන්න ඔයාලගේ දුව වාසනාවන්තයි
"මෙය හොද කෙනෙක්.අපේ කදවුරේ මේ වගේ ගති තියෙන කෙනක් හොයා ගන්න නෑ.ඇත්තටම ඔයාලගේ දුව වාසනාවන්තයි." එසේ පැවසුවේ ඔහු සමග පැමිණි ඔහුගේ මිතුරායි.ඒ අනුව දෙමව්පියන්ගේ කැමැත්තද ඔහුට ලැබුන අතර ඒ අවසරයෙන් ඔහු නිවසට යෑම ඒම ද කරන්න පටන් ගත්තේය. තම හමුදාවේ වැඩ කරන බව සනාත කිරිඉමට ජායාරුපයක් ඇයට ලබාදුන් අතර මෙම සමය රණවිරුවන් පිළිබද ඉහලින්ම කතාකෙරුන කාලයක් නිසා දෙමව්පියන්ටද ඔහුගේ අගය වැඩි විය.

වෙනසක් නැති මධුසමය
මේ අතරතුර තමාට යුද හමුදාවේ හිමි වරප්‍රසාද ලබා ගැනීම සදහා විවාහ වෙමුයි හදිසියේ ඔහු යෝජනා කළේය.දෙමව්පියන්ගෙන් හදිසි විවාහයකට කැමැත්ත නොලැබෙන නිසා ඔවුන් දේපල හොර රහසේ විවාහ විය. පසුව ඒ පිලිබදව දෙමව්පියන්ටද දන්වනු ලැබූ අතර වෙන කරන්න දෙයක් නැති නිසාවෙන් එයට එකග වූ ඔවුන් ඔවුන් දෙදෙනාට මධු සමය ගත කිරිමට කාමරයක් සකස් කොට දුනි. නමුත් මධු සමය නම් ඇයට විශේෂයක් වුයේ නොමැත. ඔවුන් කාමරයට ආ විලසින්ම පසු දින උදෑසනම එලියට පැමිණියේය.

ගෙදරට එන්නේ ඔසප් දිනවල
ඉන්පසු රැකියාව සදහා පිටව යන බව පවසා ඔහු නිවසින් නික්ම ගිය අතර ඉඩ ලැබෙන සම අවස්තාවකදීම ඔහු තරුණියට කතා කළේය.පෙම් හසුන් එව්වේය.
ඔහු නැවත පැමිණයේ මාස දෙක තුනකට වරකි.එම දවස් තරුණියට විශේෂ දවස් විය.එනම් සැම ස්ත්‍රියකටම සිදුවන ශාරීරික ක්‍රියාවලිය සිදුවන කාල පරිච්චේදියෙදිය.ඒ අනුව පැමිණෙන සම දිනම ඔහු තදින් මත පැන් බී සිටියේය.මත්පැන් වලට අමතරව නීති විරෝධී මත ද්‍රව්‍ය ද පාවිච්චි කිරිමට ඔහු ඇබ්බැහි වී ඇත.

සැම දිනකම අග සේදීම වැනි කටයුතු අදුරේ රහසේ සිදු කල අතර බිරිද එවැනි තැන් වලට සුදානම් වුවහොත් සැර පරුෂ වී ඇත.පපුවේ යම් කිසි වෙනසක් පෙනුනත් ඒ ව්‍යායාම වැඩි නිසයි කිවේය.විවාහ වී මාස 10ක් ගත වුවත් තරුණියගේ මුහුණ සිප ගැනීම හැරෙන්න වෙන කිසිවක් සිදු නොවිණි.මේ නිසාම තරුණියට ඔහු පිළිබද සැකයක් ඇති වන්නට විය.

සරමක් අන්දන්න හිතිලා කලිසම ගලවලා
දිනක් ඇගේ සැමියා අධික බිමත්ව ගෙදර පැමිණි විට කිසිදා උඩුකය නිරාවරණය නොකර සිටින ඔහුගේ කලිසම හා කමිසය ගලවා සරමක් ඇද බැලීමට තරුණියට සිත් විය.කලිසම ගලවන අවස්ථාවේ ඔහුට ඒ කිසිවක් දැනුනේ නැත්තේ අධික බිමත් කම නිසාවෙනි. කලිසම ගලවන විට ඇයට ඉබේටම කෑ ගැසිනි.

ඒ ශබ්දයට ඇගේ මව හා පියාද කාමරයට දිව ආ අතර ඔහුගේ ඉනේ සුදු නුල් පොටක් දක්නට ලැබිණි.එම අවාසනාවන්ත දර්ශනයත් සමග තරුණියට දැකගන්න ලැබුනේ තමා විවාහ කරගෙන සිටින්නේ තරුණයෙක් නොව කාන්තාවක් බවයි.

මානසික රෝගි එක්දරු මවක්
ඒ අනුව මේ පිලිබදව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු විය. පසුව හෙළිදරව් වූ තොඅරතුරුවලට අනුව ප්රිරිමියෙක් ලෙස පෙනී සිටි කාන්තාව අවුරුදු 32 ක් වයසැති එක්දරු මවකි.ඇගේ දරුවා හදවත් රෝගයකින් මියගොස ඇති අතර සැමියාද සුනාමි ව්‍යවසනයෙන් මියගොස් ඇත.මෙය මානසික රෝගයක් මත ඇති වූ තත්වයක් බව වෙද්‍යවරුන් මත පළකරයි.

Saturday, December 11, 2010

පුපුරු ගහන තරු කැට....

පුපුරු ගහන තරු කැට
දෙකක් අස්සේ
සැර අකුණු පිපිරෙද්දියි
මම දැන ගත්තේ
බෙරි වෙච්ච වළාකුළ
ලොකු වරුසාවකට 
අර අදින බව...

දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද

 

දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද
ඔය කදුළු වැස්සට තෙමිලා
දැන් මම හොදටම තෙතබරිත වෙලා...
මට නිව්මෝනියාව හැදෙන්න කලියෙන්
ඔය ඇඩියාව නවත්වන්න.... 

තේරෙන්නෙ නැද්ද ඔය කදුළු මට හරියට රිද්දන බව

හිත ඇතුලේ අනවසර ඉදිකිරිමක්


වැට කඩුළු බැද රැකගත් හිතට
දඩබ්බර හොරෙක් ඇතුළු වූ සද
කෙසේ  ආවේදැයි සොයන ඩිංගට
ඉවරය මාලිගාවද සාදා හිත උඩ.....

"අනවසර ඉදිකිරිමකි" මෙය
මගෙ රැවුම් ගෙරවුම් මැද
අහිංසකව හිනා වුන නුඹ
කීවා හැකිනම් බිදිනා ලෙස

නිදහසේ උන් සිත 
අවුල් කල වරදට
වෙර දැරිමි බිදින්නට 
නුඹෙ හැම හීනෙම....

බිදපු හැම හීනෙම 
යළි යළිත් දළුලන විට
තවතවත් බිදලන්නට
දිරිය නෑ දැන් ඉතිරිව....

මට මගේ හිත ආයෙම
දෙනු මැනවි අයදිමි මම..
හඩන්නට බෑ තව
යනු මැනවි නොකියම...

හොර Payment Proofs හදන හැටි

බක්ස් අඩවි වල මෙන්ම, අනෙක් සුද්දන්ගේ හොර අඩවි වල ලණු අපේ සිංහයන් නොකාවි, යැයි බලාපොරොත්තුවෙන් මේ ලිපිය ලියන්නේ. මේ ලිපියෙන් කියලා දෙනවා සිංහයන්ගේ ලණු සුද්දන්ට කවන්නට. මං විස්තර කරලා දෙන්න යන්නේ කොහොමද සුපිරි ලණුවක් හදන්නේ කියලා. ඒත් සිංහයන්, සිංහයන්ටම ලණු කවන්න යන්න එපා කියන ඉල්ලිමත් මං කරනවා.
 






මේ මම මගේ ONBUX ගිනුමෙන් ගත්ත screen Shot දෙකක්. ඔබට එකක් හොර එකක්, අනික හොද එකක් කියලා පෙනුමෙන් කියන්න පුලුවන්ද? මේ විදියටම තමයි Payment Proofs හදන්නේ.  වැඩේ අමාරු නෑ. කරන්නේ බොහොම සරල වැඩක්.

එහෙනම් අහගන්න;
ඉස්සරෝම ඔබට හොර Payment Proof එකක් සෑදීමට අවශ්‍ය වෙබ් අඩවියට පිවිසෙන්න. උදාහරනයකට තමයි මම ONBUX ගියේ.

මෙහෙම දෙයක් තියෙනවා. Payment Proofs හදන්නේ AlertPay හා PayPal සදහානේ. මුදල් ලබාගන්න වෙලාවේ තමා මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ මම (1) රූපය ආශ්‍රයෙන්නේ (2) රූපය හැදුවේ. ඒ නිසා ඔබටත් සජීවී වෙබ් පේජයක් තියෙන්න ඕනේ.

ඒ සජීවී වෙබ් පේජයේ ඇඩ්‍රස් බාර් එක මත, තියෙන ලිපිනය මකලා, පහතින් තිබෙන කෝඩ් එක කොපි--> පේස්ට් කරන්න.ඉන්පසු Enter ඔබන්න.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

 දැන් ඔබට එම සජීවී වෙබ් පේජය හිතේ හැටියට edit කරන්න පුලුවන්. Payment Proof එකක් නම් ඒක කැමති අංක දාලා, කැමති අකුරු, නම්, ගම් වෙනස් කරන්න පුලුවනි. කරලා screen Shot එකක් අරගන්නවා. 
  
ආයේ ඉතින් මොන දෙයියට කීවත්, ඇත්ත එක බොරු එකනම් හොයාගන්න හම්බෙන්නේ නෑ. ඔබත් මේ ක්‍රමේට හොද ලණුවක් අබරගන්න.
 

Thursday, December 9, 2010

Free Web Hosting

වෙබ් හොස්ට් හා ඩොමෙන් නාම වෙලදාම් සිදුකරනා වෙබ් අඩවියක් වන 1And1 නම් අඩවි මගින් තමා මේ දීමනව ලබාදීල තියෙන්නෙ.මොවුන්ගේ දීමනාවේ හැටියට මස හයක කාලයක් සඳහා වෙබ් හොස්ට් පහසුකම හා ඩොමෙන් නාමයක් නොමිලේ ලබාදීමට ඔවුන් කටයුතුකරන්ව.හැබැයි මෙහි මීට වඩා පහසුකම් ඔවුන් ලබාහ්දෙනවලු,ඒ කියන්නෙ Google AdWords සඳහා $25 Voucher එකක් හා Yahoo Search Marketing සඳහාද තවත් $25 ක Voucher එකක් ලබාදෙනවලු.


ඉහත කියපු දේවල් වලට අමතරව ඔබ මෙම කෝඩ් එක ඇතුල්කලවිට තවත් සේවා ගොඩක් නොමිලේ ලැබෙනව.පහත පින්තූරය බලන්න ඒතකෝට ඒව ගැනත් දල අදහසක් ගන්න පුලුවන්


අපහැදිලිනම් ඒ මත ඔබන්න

ඔන්න ඉතින් මූලික දේවල් ටික කියුවනේ දැන් කියන්නම් මේක් ගන්නෙ කොහොමද කියල.
මේක ගන්නනම් මුලින්ම මේ ලින්ක් එකට යන්න

www.couponcode.1and1.com

දැන් මේකට ගියාම Enter Your Coupon Code now කියල තියන තැනට පහලින් තියන කො‍ටුව තුලට Coupon Code එක ලෙස slickdeals කියල දාන්න.ඉතින් ඊට පස්සෙ තියෙන්න ටික කියවල කරගන්න පුලුවන්.එහෙනම් පුලුවන් කස්ටිය පොඩ්ඩක් ට්‍රයි කරල බලන්න

Wednesday, December 8, 2010

ඔබත් ෆෙන්ග් ෂුයි සරණ ගිය අයෙක්ද? එහෙනම් දැන්වත් අවදිවන්න!

අපි හැමෝම කැමතියි නේ සාර්ථක ජීවිතයක් ගෙවන්න. ඒකට එක එක අය විවිධ දේවල් කරනවා ඇතැම් අය ධාර්මිකව උපයා ගත් දෙයින් ජීවත් වනවා, තවත් අයෙක් අධාර්මික ජීවිත ගෙවනවා, තව අයෙක් වාසනාව දොරට තට්ටු කරනකම් බලන් ඉන්නවා...මේ අතර කාලෙන් කාලෙට එක එක විජ්ජුම්බර එනවා මිනිස්සුන්ට වාසනාව කැන්දවයි කියලා කියාගෙන. එහෙම ආපු එකක් තමයි මේ ෆෙන්ග් ෂුයි.


මෙහිදී වාසනාව උදා කරගන්න යයි කියල මිනිස්සුන්ගෙ ඔලුවට මිත්‍යා ගොඩක් ඇතුලු කිරීමක් විනා මෙහි අන් යමක් නෑ! මෙහි මම දැකපු සැලකිය යුතුම හානිය තමයි laughing buddha කියන සංකල්පය. ලංකාවේ සමහරක් අය හිතන්නෙ මෙය ගෞතම බුදුන්වහන්සේ කියලයි!!! ඉතින් අන්‍යාගමිකයන් සහ වෙනත් රටවල් වල අය ගැන අහන්න දෙයක් නෑ නෙ! ඒත් මෙම කියන වාමන රූපය "බුදායි" නම් මිත්‍යා දෘෂ්ඨික දේව සංකල්පයක් විනා අන් යමක් නම් නොවෙයි. ලංකාවේ දැන් දැන් මෙය laughing god කියලත් හඳුන්වනවා.

මේ ගැන ඉතාම වටිනා විග්‍රහයක් කරන වීඩියෝ එකක් මට ‍YouTube එකෙන් හමුවුනා. එය එහි පලකළ  rpsuriyage සොහොයුරාට මාගේ ස්තුතිය!
කොහොම උනත් මේ වගේ මිත්‍යාදෘෂ්ඨික වැඩ වලින් මිනිස්සු අඳුරින් අඳුරට යනවා මිසක් සෞභාග්‍ය උදාවෙනවා කියන එක හිතන්නවත් එපා. ඔබ බෞද්ධයෙක් නම් මෙවන් මිත්‍යා පසු පස නොයා යුතු මෙන්ම අන් අය එයට පෙළඹීමද නොකල යුත්තකි. මුදල් නාස්ති කරමින් ඒවා කරන අයද එයින් මුදවා නිවැරදි ජීවිත දර්ශනයක් ලබාදිය හැකිනම් මහඟු පිනකි.

ඔය කියන කිසිම ගුප්ත විජ්ජා ක්‍රමයක් අනුගමනය නොකර නියමාකාරයෙන් ජීවිතය සාර්ථක කර ගැනීමට කරුණු අපගේ අමා මෑණී වූ භාග්‍යවත් වූ අරහත්වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල මහා මංගල සූත්‍රය තුලින් ඉගෙනගත හැක. එම උතුම් සූත්‍රදේශනාවේ අඩංගු කරුණු පහත පරිදිය,

  1. බාලයන්(නරක අය/අසත්පුරුෂයන්) ඇසුරු නොකිරීම
  2. පණ්ඩිතයන්(කළණ මිතුරන්/සත්පුරුෂයන්) ඇසුරු කිරීම
  3. පිදිය යුත්තන් පිදීම 
  4. යහපත්/සුදුසු තැනක විසීම
  5. පෙර කල පින් තිබීම 
  6. සිත මනාව පිහිටුවාගෙන කටයුතු කිරීම
  7. බොහෝ දැන උගත් අයෙකු වීම
  8. නොයෙකුත් ශිල්ප දත් අයෙකු වීම
  9. විනයකින් යුතුවීම (තිදොර සංවර කරගැනීම)
  10. මනාව හික්මුන අයෙකු වීම 
  11. ප්‍රිය වචන කථා කිරීම
  12. මවුපිය උපස්ථානය
  13. අඹුදරුවන්ට සැලකීම
  14. මැනවින් වැඩ කිරීම(නිරවුල් කර්මාන්තයක යෙදීම) 
  15. දානමාන දීම
  16. ධර්මයේ හැසිරීම (දැහැමි ජීවිතයක් ගෙවීම්)
  17. නෑයන්ට සැලකීම
  18. නිවැරදී දෑ කිරීම(නිවැරදි කර්ම වල යෙදීම) 
  19. පවෙහි නොඇලී වාසය කිරීම හා හැම පවින් වැළකීම
  20. මත් පැන් භාවිත නොකිරීම
  21. දහම තුල නොපමාවීම
  22. උතුමන්ට ගරු කිරීම
  23. නිහතමානී වීම
  24. ලද දෙයින් සතුටු වීම
  25. කලගුණ සැලකීම
  26. නිසි කලට බණ ඇසීම
  27. ඉවසීමේ ගුණයෙන් යුක්ත වීම
  28. යහපත් දෑට අවනත බව
  29. ශ්‍රමණ උතුමන් බැහැදැකුම
  30. නිසිකල ධර්ම සාකච්ඡා කිරීම
  31. තපසෙහි විසීම
  32. බඹසරෙහි හැසිරීම
  33. ආර්‍ය සත්‍යයන් නුවණින් දැකීම
  34. උතුම්වූ නිවන අවබෝධ වීම
  35. අටලෝ දහමින් කම්පා නොවීම
  36. ශෝක නැති වීම
  37. කෙලෙස් දුහුවිලි නැති වීම 
  38. බිය රහිත ස්වභාවය තුල වාසය කිරීම
මේ ආකාරයට කටයුතු කරන අයට එම ප්‍රායෝගික සත්‍ය අත්දකින්න පුලුවන්. එම සූත්‍රදේශනාව අවසානයේ භාග්‍යවතුන් වහන්සේ වදාළේ එම අයුරින් කටයුතු කරන අය කෙලෙසුන්ට නොපැරද(අපරාජිතව) යහපත කරා යන බවයි. මීට අමතරව වසල සූත්‍රය, සිඟාලෝවාද සූත්‍රය වැනි සූත්‍ර මගින්ද ජීවිතය සාර්ථක කරගැනීමට බොහෝදෑ ඉගෙනගන්න පුලුවන්.

ඉතින් තවත් දෙයක් මංගල කරුණක් ලෙස ඇතුලු කිරීම හෝ ඉහත කරුණු අතුරින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාල දෙයක් මංගල කරුණක් නොවේ යයි සාධාරණ හේතු සහිතව කිව හැක්කෙක් දෙවියන්, මරුන් , බ්‍රහ්මයන් හා මිනිස් ප්‍රජාවෙන් යුතු ලොකයේ නැහැ එයයි බුදුරජාණන් වහන්සේ වදාල ස්වාක්ඛාත ධර්මයේ ස්වභාවය. මෙතරම් පැහැදිලි හා සාර්ථක වැඩ පිලිවෙලක් තිබියදී වෙනත් මිත්‍යා පසු පස යනවා යනු සූර්යයා තිබියදී කඳෝපැණියන්ගෙන් ආලෝකය සෙවීමක් නොවන්නේද???

කෘතීම බුද්ධිය මිනිසා ඉක්මවා යයිද?

අපි විවිධ ප්‍රබන්ධ තුලින් දැක තිබෙනවා නෙ විවිධ ආකාරයේ හැකියාවන් ඇති පරිගණක වැඩසටහන් ගැන. ඒවායින් බොහෝ ඒවා කෘතීම බුද්ධි මූලික කරගත් ඒවා බව ඔබට සිහිපත් වනවා ඇති. මට ඔය කෘතිම බුද්ධිය තදින්ම ඔලුවට කාවැදුනු රූපවාහිනී වැඩසටහන් තමයි මායා බන්ධන(රොබෝ වරුන් බහුල සමාන්තර ලොව සම්බන්ද කොටස ) අනෙක් එක තමයි පරිගණක දඟයෝ කතාන්දර මාලාවේ Virgil.

මේ කෘතීම බුද්ධිය(Artificial Intelligence) පිලිබඳ සංකල්පය ලොවට මුලින්ම හඳුන්වා දී තිබෙන්නේ 1956 MIT(Massachusetts Institute of Technology) හි John McCarthy නමැත්තකු විසින්. මෙහි අරමුණ වන්නේ නිර්මාණශීලිව කටයුතු කලහැකි පරිගණක වැඩසටහන් නිර්මාණය කිරීමයි. එදා සිට අද දක්වා මෙය ක්‍රම ක්‍රමයෙන් දියුණුවෙමින් අද සාමාන්‍ය ජීවිතයට බොහෝ සමීපවී තිබෙනවා.අපිට බොහොම සමීප කෘතීම බුද්ධියක් සහිත වැඩසටහනක් තමයි පරිගණක චෙස් වැඩසටහන්, මීට අමතරව බොහෝ පරිගණක ක්‍රීඩා. ඇතැම් පරිගණක ක්‍රීඩා වලදී ප්‍රතිවාදියා අපව සොයාගෙන පැමිණෙන අවස්ථා බහුලයි නේද? මෙයත් එක්තරා අන්දමක කෘතිම බුද්ධියක් විසින් සිදු ක‍රන්නක්.
කෙසේ වෙතත් මීට අමත‍රව ඉතා විශාල කාර්‍ය භාරයක් ඉටුකරන කෘතිම බුද්ධිය යෙදෙන වැඩසටහන් විශේෂයක් තිබෙනවා. මේවාට කියන්නේ expert systems කියලා. රෝග ලක්ෂණ අනුව රෝගය නිර්ණය කිරීමට වෛද්‍යවරුන්ට සහායදීම, සංකීර්ණ සැලසුම් සකස් කිරීමේදී ඉංජිනේරුවන්ට සහාය දීම වැනි කටයුතු වලට මෙම expert systems දායක වනවා. නමුත් මෙවැනි පද්ධතියකට තනිවම මෙම කාර්‍යයන් ඉටුක‍රන්න බැහැ, කල හැක්කේ අදාල ක්ෂේත්‍රයේ විශේෂඥ වරුන්ට සහාය දීම පමණයි. කිසිවිටෙකත් මනුශ්‍ය සහභාගීත්වයෙන් තොරව මෙවන් පද්ධතියකට රෝග සඳහා ඖෂධ නියම කිරීමටවත් න්‍යෂ්ඨික බලාගාරයක් සැලසුම් කිරීමටවත් හැකියාවක් නැහැ. අනෙක් අතට මෙවැනි පද්ධතියක් නිර්මාණයට අධික ධනස්කන්ධයක්ද වැයවනවා. සෑම අවස්ථාවකමදීම ඉන් ප්‍රයෝජන ගන්නත් බෑ.

සාමාන්‍යයෙන් ඉහල මට්ටමේ කෘතීම බුද්ධින් ලිවීමට භාවිතාක‍රන ප‍රිගණක භාෂාදෙකක් තමයි Prolog හා LISP. ඉහල මට්ටමේ කෘතීම බුද්ධි වැඩසටහන් හොඳින් ධාවනය වීමට පද්ධතියේ ඉහල හැකියාවන් තිබිය යුතුද වනවා. උදාහ‍රණයක් ලෙස අපි ගනිමු ඇතැම් කෘතීම බුද්ධින් තිබෙනවා මිනිස් මිනිස් මුහුණු විශාල ප්‍රමාණයක් අතුරින් දී ඇති එක් මුහුණක් හෝ කිහිපයක් හඳුනාගන්නට පුලුවන්. මෙය මිනිසාගේ ඇති ඉහල හැකියාවක්. නමුත් මිනිසාගේ මෙම හැකියාවට ආසන්න වශයෙන්වත් ලඟාවීමට කෘතීම බුද්ධින් වලට බැහැ. මොකද ඒකට හේතුව ? කෘතීම බුද්ධියකට එම හඳුනා ගැනීම යනු ද්වීමය සන්සන්දනයක් විතරයි(Binary Comparison). නමුත් මිනිස් සිතකට එය ඊට එහා ගිය දෙයක්. අපි හිතමු මිනිසුන් දහස් ගනණක් අතුරින් අප අපේ අම්මා හෝ තාත්තා හෝ එකව‍ර දර්ශනය වුනා කියල අපිට දහස් ගණනක් සිටියත් ඔවුන් දර්ශනය වූ පසු එම හඳුනා ගැනීමට යන්නේ ඉතාම සුලු කාලයක් නෙවෙයිද? එම හඳුනා ගැනීමෙන් පසුව අපිට ඔවුන් ගැන ඇති හැඟීම අන් අය කෙරෙහි ඇති හැඟීමට , වැටහීමට වඩා වෙනස් නේද? නමුත් කෘතීම බුද්ධියට හඳුනා ගැනීමට එහා දෙයක් නැහැ කෘතීම බුද්ධියට ඒ සියල්ල දත්තයන් රැසක් විතරයි. මේ වෙනසට හේතුව මොකක්ද කියන එක මම හිතන විදියට අද පවතින විද්‍යාවෙන් තේරුම්ගන්න බෑ. බුදු දහමට අනුව මෙය තේරුම් ගැනීම ඉතාම පහසුයි මිනිස් මනස විඤ්ඥානයක ක්‍රියාකාරීත්වය නිසා හටගත්තක් එනම් මිනිස් මනස සවිඤ්ඥානිකයි. කෘතීම බුද්ධිය හුදෙක් ඉලෙක්ට්‍රෝන ක්‍රියාකාරීත්වයක් නිසා හටගත්තක් එයට විඤ්ඥානයක ක්‍රියාකාරීත්වයක් නැහැ එනම් එය අවිඤ්ඥානිකයි. 

කෘතීම බුද්ධියක් ක්‍රියාකරන්නේ රාමුවක් තුලයි.එයට කිසියම් විශේෂ කාර්‍යයක් කිරීමට උපදස් මාලාවක් දී තිබෙනවා එම රාමුව තුල තමයි මෙම වැඩසටහන ක්‍රියාකරන්නේ. නමුත් ඇතැම් දෑ මිනිසාට වඩා ලක්ෂ වාරයකින් කාර්‍යක්ෂමව කෘතීම බුද්ධියකට කරන්න පුලුවන්. කිසියම් ගණනය කිරීමක් වැනි විශේෂ දෙයක් කිසිම වෙහෙසකින් තොරව කෘතීම බුද්ධියකට ක‍රන්න පුලුවන්. කොටින්ම කිව්වොත් දෙන ලද රාමුව තුල විශිෂ්ඨ මට්ටමින් කටයුතු ක‍රන්න පුලුවන්. නමුත් ගැටලුව තිබෙන්නේ රාමුව පැනවීමේදීයි. මෙය තනික‍රම රඳා පවතින්නේ සැලසුම් කරන හා එය ක්‍රමලේඛනය කරන ලද ශිල්පීන් මතයි. ආදරය, ඊර්ෂ්‍යාව , ක්‍රෝධය , වෛරය වැනිදෑ මිනිසාටවත් හරියාකාරව අවබෝධ කරගැනීමට නොහැකිව පරිගණක වැඩසටහනකට රාමුගත කරන්නේ කොහොමද? මම දකින ආකාරයට එය කිසිදා කල නොහැක්කක්.

දැන් කෙනෙක්ට හිතෙන්න පුලුවන් මනුශ්‍ය ඝාතනය කිරීමට සාදන ලද කෘතීම බුද්ධියක වෛරයක් නැද්ද කියලා. ඇත්තටම එහි වෛරයක් නෑ වෛරය ඇත්නම් තිබෙන්නේ එය සැලසුම් කල කෙනා තුලයි රාමුව පණවන ලද්දේ කෘතිම බුද්ධිය සැකසූ පුද්ගලයා/ පුද්ගල පිරිස තුලයි. කෘතීම බුද්ධිය සිදුකරන්නේ එම රාමුව තුල අවිඤ්ඥානිකව කටයුතු කිරීමයි. 

යම් දවසක මනුෂ්‍ය සංහතියම කෘතීම බුද්ධියක් නිසා විනාශවී ගියද කෘතීම බුද්ධිය මිනිසා අබිභවා ගියා යයි කිව නොහැක මන්දයත් එම විනාශයට මග පාදන ලද්දේ මිනිස් බුද්ධියයි. එම විනාශය සිදුකල රාමුව පනවන ලද්දේ මිනිස් බුද්ධියයි. එමනිසා කිසිවිටෙක කෘතීම බුද්ධියකට(පරිගණක වැඩසටහනකට )මිනිස් බුද්ධිය අභිබවා යා නොහැකිය.
මේ ගැන ඔබගේත් අදහස්  ඉදිරිපත් කරන්න.

File Sharing අඩවි වලින් බ්‍රේක් නැතිව බාමු


peer-to-peer-file-sharing.s600x600
 
මේ කියන්න යන්නේ කිසිම අමතර මෘදුකාංගයක් භාවිතා නොකර  Rapidshare, Megashare, Hotfile, Turbobit වැනි File Sharing අඩ්වි වලින් තත් 60 කට වඩා ඉන්නේ නැතිව File  ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රමයක්. මෙය දැනගත්විට ඔබට හිතේවි ඇයි අපට මෙහෙම හිතුනේ නැත්තේ කියලා. හැබැයි මම මේක කලේ මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් එහෙම නැත්නම් ඩොන්ගල් එකක් භාවිතයෙන්. SLT, CDMA වගේ ඒවගේ කරන්න පුලුවන්ද කියලා හරියට දන්නේ නෑ.
 
බොහොම සරලයි. එහෙනම් අහගන්නකෝ.
 
File Sharing අඩවි වල බාන්න ගියාම ඒ අය අපේ IP නම්බරය සේව් කරගන්නවා. අපිට තවත් ෆයිලයක් මිනිත්තු 30ක් ඇතුලතදී බාන්න දෙන්නේ නෑ.
 
ඒත් ඔබ දන්නවාද ඔබ අන්තර්ජාලයට සම්බන්ද වන සෑම අවස්තාවකදීම ඔබේ IP නම්බරය වෙනස් වන බව? දන්නැත්නම් දැනගන්න. ඒ කියන්නේ Disconnect කරලා, Connect කරන සැම අවස්තාවකදීම IP නම්බරය වෙනස් වෙනවා.
 
දැන් අපි මේ කරුනු දෙක එකතු කෙරුවොත් මොකක්ද වෙන්නේ?
 
අපි එක ෆයිල් එකක් බාලා. අපේ කනෙක්ෂන් Disconnect කරලා නැවත Connect කරනවා. එතකොට IP නම්බරය මාරු වෙනවා. එවිට අර අඩවියෙන් සේව් කරගත්ත නම්බරය නෙවේ තියෙන්නේ. අලුත් IP නම්බරයක්. ඒ කියන්නේ තත්. 60 විතරක් ඉදලා තවත් ෆයිලයක් බාගන්න පුලුවන් කියන එක.
 
වැඩේ එල නේද?

oDesk මගින් මුදල් උපයන හැටි

The On Demand Global Workforce - oDesk

PTC ක්ලික් කරනවා, ක්ලික් කරනවා, ඈනුම් ගිහිල්ලා හක්ක පනිනවා, ඒත් දියුනුවක් නෑ. මෙන්න මේ අයට හොදම බෙහෙත මේ පෝස්ට් එකෙන් හම්බවෙයි. කියලා දෙනවා දන්න ඔක්කොම, ඒ නිසා මේ පොස්ට් එක හොදට, උවමනවෙන් කියවන්න. මෙය කොටස් දෙකකින් පල කරන්නයි සූදානම. අද සර්ව සම්පූර්නව එකවුන්ට් එකක් හදන හැටි කියලා දෙන්නම්. ජොබ් වලට ඉල්ලුම් කරන හැටි තව පොස්ට් එකකින් කියලා දෙන්නම්.

අවශ්‍ය දේවල්:
  • oDesk ගිනුමක්
  • PayPal ගිනුමක්
  • තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක්
  • සතියකට පැය 15ක් වැයකිරීමේ හැකියාව
  • උනන්දුව, උත්සාහය හා කපටිකම
පියවර 1
  • oDesk ගිනුමක් http://www.odesk.com වෙත පිවිස සැදීම
  • එහිදී  Sign up as:Freelance Contractor යන්න තොරන්න
  • ඉන්පසු ඔබගේ සත්‍ය නම්, ගම් හා අනෙකුත් විස්තර ඇතුලත් කරන්න
පියවර 2
  • https://www.odesk.com/account.php වෙත පිවිසෙන්න; සියලු තොරතුරු නිවරදිව ඇතුලත්වී ඇත්දැයි සැකහැර දැනගන්න.
  • http://www.odesk.com/d/profile.php වෙත පිවිසෙන්න; My Account Summary යන්න පහත ලෙස පුරවන්න
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Portrait: Upload portrait (ඔබේ සත්‍ය, වැදගත් පෙනුමින් ඇති ජායාරූපයක් ඇතුලු කරන්න)
Personal Email: 123blabla@gmail.com  (ඔබේ ඊමේල් ලිපිනය ඇතුලු කරන්න)
Hourly Pay Rate: $4.50
Hourly Bill Rate: $5.00
oDesk Ready : Yes** (මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය)
Profile completeness: (මෙය 40%ට පමන වැඩි වන තුරු ඔබේ තොරතුරු ඇතුලු කරන්න)
Job Application Quota: (සාමාන්‍යයෙන් 10ක් ඇත)
 
** oDesk Ready මෙහිදී ඔබ මේ විභාගය අනිවාර්යයෙන් සමත් විය යුතුය. නැතහොත් ඔබට කිසිදු ‍රැකියාවක් කිරීමට නොහැකි වනු ඇත. ඔබේ එකෙහි NO යන්න ඇත. ඔබ කල යුත්තේ එහි ඇති ලින්ක් එක භාවිතා කර විභාගය ලබාගැනීමයි. ඔබේ පහසුව පිනිස පිලිතුරු මා විසින් ලබාදෙන්නෙමි. මේ ලින්ක් එකෙන් ලැබෙන පේජයත්, ඔඩෙස්ක් පෙපර් එකත් සසදමින් විභාගය පාස් වීම ඔබගේ ප්‍රධානම ක්‍රියාවයි.
Profile Access: Public
Display Name: Full Name
Primary Role: Data Entry Professional
Title: #1 Professional worker (ඔබට මීට වඩා හොද, අර්ථවත් හැදින්වීමක් ඇතුලත්කල හැකියි)
Weekly Availability: 15 of 15 hrs
oDesk Ready : Yes
Years of Experience: 3
English: 4 stars (5ක් නොදා 4ක් දමනුයේ ඔබෙ පසු කාලීන යහපත සදහායි. එහෙත් ඔබ ඉංග්‍රීසි විශයට අති දක්ශනම් පමනක් 5 යොදන්න)
Objective: {blank}
  • ඔබ කැමතිනම් http://www.odesk.com/d/profile.php හි ඇති අනෙකුත් තොරතුරුද පුරවන්න.(එහෙත් මෙය අවශ්‍යම නොවේ)
  • https://www.odesk.com/payments.php වෙත පිවිස ඔබේ PayPal ගිනුම ඇතුලත් කරන්න;

    Payoneer Debit Card යන්නෙහි රෙජිස්ටර් වීම මගින් නොමිලේ oDesk හරහා Payoneer Debit කාඩ් එකක් ගෙදරටම ගෙන්වාගත හැකියි. එහෙත් එය අවශ්‍යම නොවේ. PayPal ගිනුම හොදටම ප්‍රමානවත්ය.


    ජොබ් එකකට ඉල්ලුම් කරන ආකාරය

    අවශ්‍ය දේවල්:
    තරමක් දුරට හොද ඉංග්‍රීසි දැනුමක් පමනයි

    පියවර 1

    http://www.odesk.com/jobs/?g=&clear_button=1 වෙත පිවිසෙන්න. ඔබේ දක්ශතා අනුව keyword එකක් ඇතුලත් කර Search කරන්න.
    උදාහරන:
    Word, Excel, Access, PowerPoint, HTML, Flash, Programming, Graphic Design

    පියවර 2

    මම Graphic Design කියලා Search කරනවා, මට ආපු රිසල්ට් එකේ එක බලන්න.
    oDesk හි ‍රැකියා ලබාදෙන ක්‍රම දෙකක් තියෙනවා.
    1. වැඩ කරන පැය ගණනට ගෙවීම. (ලානිල් පැහැයෙන් සලකුනු කර ඇත)
    2. සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදලක් ගෙවීම. (රතු පැහැයෙන් සලකුනු කර ඇත)
    කොහොමහරි කමක් නෑ අපේ අතට සල්ලි ලැබෙනවානම්.
    මෙහෙම දෙයක් තියෙනවා. oDesk මගින් කරන්නේ කොන්ත්‍රාත්කරුවා සහ සේවකයා සම්බන්ද කිරීමක් පමනයි. මුදල් ගෙවීම් පිලිබද අපට කොන්ත්‍රාත්කරුවාව විස්වාස කරන්න වෙනවා. කොහොමත් කවුරුත් හොර බොරු කරන්නේ නෑ. ගානක් පොරොන්දු වුනොත් ඒක අනිවාර්යෙන් ගෙවනවා.

    ඊට පස්සේ එන Search  රිසල්ට් එක හොදට කියවලා , ඔබට අනිවාර්යෙන් නිම කිරීමට හැකි, කොන්ත්‍රාත්කරුවා කිරීමට කියලා තියෙන දේ හොදට තේරෙන ජොබ්  එක ‍තෝරලා ඒක අයිනේ ඇති Apply බොත්තම ඔබන්න.

    පියවර3
    • ඔබ තොරා ගත්තේ වැඩ කරන පැය ගණනට ගෙවීම ගෙවීම් කරන ‍රැකියාවක්නම් මෙහෙම පේජයක් ලැබේවි. එය රූපයේ පෙනෙන පරිදි පුරවන්න. 
      මිලගනන් දාන්නේ මෙහෙමයි:
    *Word, Excel, Access, PowerPoint, Data Entry සදහා $3.6 හෝ $4.5
    *Programming, Graphic Design, Flash  සදහා $10.8 හෝ $13.5
    • ඔබ තොරා ගත්තේ සම්පූර්ණ කොන්ත්‍රාත්තුව සදහාම මුදල ගෙවීම් කරන ‍රැකියාවක්නම් , එයද මෙලෙසපුරවන්න
      මිලගනන් දාන්නේ මෙහෙමයි:
      search රිසල්ට් එකෙහි (රතු පැහැයෙන් සලකුනු කර ඇත) ඔහු අපට ගෙවන මුදල සදහන්ය. ඔබ මේ සදහන් මුදලෙන් 75% ක මුදලක් ඉල්ලුම් කරන්න. මේ ජොබ් එකේනම් සදහන් මුදලෙන් 75%ක් කියනුයේ $7.5කි.
    • Cover Letter: යන්න ඔබ අනිවාර්යෙන් පිරවිය යුතුයි. මෙන්න මෙතනින් තමා කොන්ත්‍රාත් ලබාදෙන්නාගේ හිත දිනාගන්න ඕනේ. ඔබේ ඉංග්‍රීසි දැනුම ඕනේ වෙන්නේ මෙන්න මෙතනදී තමා
    උදාහරන 1

    Sir/madam,
    Over the last 12 years in my experience, I have developed many different types of 3D animations and digital compositions for commercial spots, institutional purposes, campaings, etc. My work is to become real the people ideas, for that reason, every single project is for me a challenge. I also have some experience in Video Edition, Graphics designs, Image arts and Phomontage. My reel at: http://www.youtube.com/watch?v=QHoeSIPGNIo
    Thank You!

    උදාහරන 2

    Sir/madam,
    I take pride in my work and I am not satisfied until my customers are satisfied. I believe communication is the key to a successful working relationship. I am an experienced front end developer with html, xhtml, css, javascript, ajax, photoshop, jquery. I have been a full time corporate employee, a contractor, and a self employed web designer. I am currently learning kohana php framework!
    Thank You!

    ඔබ මේවා භාවිතාකරන්න එපා. මම මේක ලබාගත්තේ සුද්දෙකුගේ එකවුන්ට් එකකින්, ඔබට නොහැකිනම් ඉංග්‍රීසි හොදට දන්නා කෙනෙකුගෙන් අසා දැනගෙන හෝ සිත් ඇදගන්නා සුලු ලිපියක් එකතුකරන්න.
    • ඔබ Word, Excel, Access, PowerPoint සදහා අයදුම් කරන්නේ නම්  Attachment: යන තැනට අනිවාර්යෙන් ඔබේ දක්ශතාව මනාව පිලිබිබු වන පරිදි සාම්පල් එකක් අමුණන්න.
    • හැමදේම සිත් ඇදගන්නා සුලු විදියට කරන්න. ඊට පස්සේ Apply to this Job යන්න ඔබන්න. දැන් වැඩේ සම්පුර්ණයි. මේ විදියට ඔබට ජොබ් 10ක් දක්වා ඉල්ලුම් කරන්න පුලුවන්.
    • මොකක්හරි ප්‍රශ්නයක් තියෙනවානම් කොමෙන්ට් එකක් දාන්න.
     
    අමතර විශේෂ හැකියාවක් අනවශ්‍ය පහසු ‍රැකියා
     
    01. මේකේ කරන්න තියෙන ලේසිම ජොබ් එක capcha ටයිප් කරන එක.
    වැඩේ කරන්නේ මෙහෙමයි. අපිව හයර් එකට ගන්න පුද්ගලයා දෙනවා User Name එකක් හා මෘදුකාංගයක්.  ඒකේ නම ttt2 ocrworker. අපි වෙබ් අඩවියක හෝ ලේසියෙන්ම කීවොත් බක්ස් අඩවියක රෙජිස්ටෙර් වීමෙදී අපට ටයිප් කිරීමට ලබාදෙන capcha  එක මතක ඇති. ඒ වගේ අකුරු ඇද, ඒ වගේම වචන දෙකකින් සමන්විත වාක්‍යක් අපිට මේ මෘදුකාංගයෙන් ලබාදෙනවා. ඒක ටයිප් කරන්න ඉඩක් පහලින් තියෙනවා. අපිට තියෙන්නේ ඒ ඉඩ තියෙන තැන ඒ වචනේ ටයිප් කරන්න. ටයිප් කරලා Enter ඔබනවා. එතකොට තව වාක්‍යක් ලැබෙනවා. මෙහෙම මෙහෙම දිගටම වාක්‍ය ටයිප් කරන්න ඕනේ.
    මුදල් ගෙවන්නේ මෙහෙමයි.
    10k කට $60; 1k= නිවරදි ඇතුලත් කිරීම් 1000
    මේ ‍රැකියාව ඕනෙනම් Capcha typing, Image to text, jpg to text, Pdf to Word කියලා search කරන්න

    02. Copywriting කියන්නේ හොද ඉංග්‍රීසි දැනුමක් තියෙන කෙනෙකුට කරන්න පුලුවන් ‍රැකියාවක්.
    මේ ‍රැකියාවේ කරන්න තියෙන්නේ මෙහෙම දෙයක්. අපිට ඔවුන් ප්‍රසිද්ධ වෙබ් අඩවියක නමක් ලබාදෙනවා. ඒ කියන්නේ සී-නෙට්, සොෆ්ට්-පීඩියා, ටූ-කව් වගේ වෙබ් අඩවියක්. අපිට කරන්න තියෙන්නේ ඒ අඩවියේ පවතින ලිපි තමන්ගේ වචන වලින් නැවත ලියන්න. ඇත්තම කීවොත් මේ කියන්නේ අහුවෙන්නේ නැතිවෙන්න ලිපිය කොපි කරලා දෙන්න කියලා. හොදට ගෙවනවා. ස්ථීර මිලක් නම් සදහන් කරන්න බෑ. ඒත් වචන 100කට $1 ක් විතර ගෙවනවා. හැබැයි හොද, සුපිරි ඉංග්‍රීසි දැනුමක් තියෙන්න ඕනේ. ඔරිජිනල් ලිපියේ තියෙන කිසිම වාක්‍යක් නව ලිපියේ තියෙන්න බෑ. එහෙම තිබ්බොත් අහුවෙනවාමයි. හොර කරන්නනම් බෑ. හොර කරලා කාපු චාටර් මං වෙන ලිපියකින් කියන්නම්.
     
    03. Article Writing මෙකටත් නම් හොද ඉංග්‍රීසි දැනුමක් ඕනේ.
     
    රැකියා ලාබාදෙන්නා දෙනවා මාතෘකාවක්. උදා: dental, bodybuilding, health, exercise මේ වගේ බොහෝවිට විද්‍යාවට නැබුරු මාතෘකාවක් තමා ලබාදෙන්නේ. ඉතින් අපි කරුනු හොයාගෙන, විකිපීඩියා වගේ විශ්වකෝශ උදව් කරගෙන ලිපි ලියන්න ඕනේ. හැබැයි කොපි-පේස්ට් කරලානම් හරියන්නේ නෑ. මෙහෙම කියන්නේ කොපි-පේස්ට් කරලා නෝන්ඩි වෙලා තියෙන නිසා. අලුතෙන්ම ලියන්න ඕනේ. සාමාන්‍යයයෙන් Copywriting වගේම මේකටත් ගෙවනවා. හැබැයි මෙහෙම වැඩක් කරන්න පුලුවන්. ඉන්ට්නෙට් එකෙන් සර්ච් කරන්නේ නැතිව,  පුස්තකාලෙන්, හෝ වෙනත් මුද්‍රිත ලිපියකින් උපුටාගන්න පුලුවන්. මම මුලින් කීවේ කපටිකමත් ටිකක් ඕනේ කියලා. හැබැයි ටයිප් කරන්න කලින් ඒ විස්තර ඉන්ටනෙට් එකේ තියෙනවද හොයලා බලලා ටයිප් කරන්න. ඉන්ට්නෙට් එකේ නැත්නම් ඉතින් මල්ල කරේ. සාමාන්‍යයෙන් වචන 400 බැගින් වූ ලිපි 100ක් විතර එකවර ලියන්න ලබාදෙනවා. එතකොට ගෙවීම් මුලු එකතුව $100ක් විතර ගෙවනවා. ගොඩ නේද?

    04. Customer Service & Support, Phone Support මේකට මයික් එකක්, වෙබ් කැම් එකක් සහ ඉංග්‍රීසි දැනුම ඕනෙ වෙනවා.
     
    පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය හොදට පීරලා, හොද අවබෝධයක් ඇරගෙන, ඔවුන්ගේ නීති රෙගුලාසි කියවලා වැඩේට බහින්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ හේඩ් ෆෝන් එක ගහගෙන, වෙබ් කැම් එක ඔන් කරගෙන බලාගෙන ඉන්න. සුද්දෝ කථාකරලා ඔවුන්ට එම අඩවිය ගැන තිබෙන ගැටලු යොමුකරාම, ඔබ ඒවා විසදලා දෙන්න ඕනෙ. මෙම ‍රැකියාව ලබාදීමට පෙර කොන්ත්‍රාත්තුව ලබාදෙන්නාගේ පාර්ශවයෙන් තිබෙන ඉන්ටෙවීව් එක ඔබ විසින් සමත්විය යුතුයි. ගෙවන්නේ පැය ගානට. සාමාන්‍යයෙන් පැයකට $6 ක් විතර ගෙවනවා.
     
    05. Email Response Handling මේකත් එක්තරා විදියක Customer Service & Support එකක්.
     
    පලමුව ‍රැකියාව ලබාදෙන්නාගේ වෙබ් අඩවිය ගැන හොද අවබෝධයක් ඇරගෙන ඊ-මේල් මගින් නැගෙන ගැටලු වලට පිලිතුරු සැපයීමයි කරන්න ඕනේ. මේක ටිකක් පහසුයි. දිනකට දෙවරක් තුන්වරක් ඉන්බොක්ස් එක බලලා රිප්ලයි කලාම ඇති. ගෙවන මුදල හරියටමනම් කියන්න බෑ. හැබැයි හොද ගානක් හම්බකරන්න පුලුවන් කියලානම් විශ්වාසයි.
     
    මමනම් කියන්නේ මොකක්හරි Programming Language එකක් ඉගෙනගන්න. එතකොටනම් ගොඩේ ගොඩ. ගොඩක් ‍රැකියා තිබෙනවා. අනිවාර්යෙන් එක ප්‍රොජෙක්ට් එකකට $100 පන්නලා ගෙවනවා. හරි හමන් වැඩකාරයෙක් නම් දිනකට $100ක් විතර හොයන්න පුලුවන්.
     
    ඒ වගේම හැමෝම හොයන්නේ ලේසි පහසු ‍රැකියා. ඒ කියන්නේ විශේෂ දක්ශතාවයක් නැතිව කරන්න පුලුවන් ‍රැකියා. ඒ නිසා එක ජොබ් එකකට දමන ඉල්ලුම් ප්‍රමානය වැඩියි. ඒ නිසා අපිට එය ලැබෙනවාට වඩා නොලැබෙනා සම්භාවිතාව වැඩියි. ඒකට ඉතින් කරන්න තියෙන්නේ මං අර කලින් කියපු විදියට ජොබ් ඉල්ලුම් පත්‍රය සිත්ගන්නා සුලු විදියට දාන්න.

    ඒ වගේ නෙවෙයි වගේ Java, Flash ඉගෙන ගත්තනම් ඉල්ලුම් කරපු ගමන් ලැබෙනවා. අපිට තියෙන්නේ පුලුවන් ඉක්මනට එය කරලා දීලා මුදල් වගේම oDesk හි වැඩි ලකුනු ප්‍රමානයක් ලබා කැපීපෙනෙන කොන්ත්‍රත්කරුවෙකු වීමයි. එතකොට ඉතින් e-money සිහිනයක්ම නොවේ.

     

MS Excel වල cell rename කරන්න

MS Excel වල තවත් පොඩි දෙයක් ලියන්න හිතුන. සමහරු නම් දන්නවත් ඇති. excel වල cell එකක් rename කර ගන්න හැටි ලියන්න හදන්නේ. excel වල cell එකක් හෝ කීපයක් තෝර ගෙන rename කර ගත්තම වඩා කාර්යක්ෂමව වැඩ කරන්න පුළුවන් වෙනවා. cell දහස් ගානක් යටින් තියන cell එකකට යන්න ඕනි නම් (උදාහරණයක් විදියට Total එක තියන cell එකට) කලින් වෙලාවක ඒ cell එක rename කර ගෙන තිබුනනම් mouse wheel එක කඩන්නේ නැතුව එක පාරටම ඒ cell එකට යන්න පුළුවන් වෙනවා.
ඕනි කරන cell එකට යන්න. වම් පැත්තෙ උඩ කොනේම තියන Name Box එකේ දැනට තියන number එක highlight කරලා ඕනි කරන නම දෙන්න.

මම rename කරන්නේ B336 cell එක Total කියල. rename කලාට පස්සේ ඒ cell එක දිස්වෙන්නේ B336 කියල නෙමේ. Total කියල. ඒක නිසා වෙන වෙලාවක මට Total එක බලන්න ඕනි උනාම B336 cell එක හොයාගෙන යන්න ඕනි වෙන්නේ නෑ. cell name එක වැටෙන තැන තියන ඊ හිස click කරලා එන menu එකෙන් ”Total” select කරන්න විතරයි ඕනි. B336 cell එකට එක පාරටම යන්න පුළුවන්.

මේ වගේ වැදගත් වෙන cell නම් කරලා තියා ගත්තම ලොකු sheet එකක වැඩ කරන්න ලේසි වෙනවා. Rename කරපු cell එකක් එපා කියල හිතෙනවනම් මකන්න අදාල cell එක select කරලා Control key එකත් එක්ක F3 ඔබන්න.(Ctrl + F3)
Name Manager කියල window එකක් open වේවි. ඕනි නැති නම්, මකල දාන්න වගේම ඒවා edit කරන්නත් පුළුවන්

ජාවා තුල යෙදෙන I/O Streams යනු මොනවාද | Java I/O Streams


සියලුම පරිගණක භාෂාවන් හි Input සහ Output ක්‍රියාවලීන් සිදුකර ගැනීමට කිසියම් යාන්ත්‍රණයක් පවතිනවා. උදාහරණයක් වශයෙන් කිසියම් calculation එකක් සඳහා ලියන ලද පරිගණක  වැඩසටහනකට දත්ත input කිරීමට සහ එහි ප්‍රතිඵලය පිටතට ලබාදීම සඳහා යොදාගන්නා ක්‍රම සැලකිය හැකිය.

ජාවා වැඩසටහන් තුලදී Input සහ Output ක්‍රියාවලීන් සිදුකරගැනීමට විවිධ ක්‍රම පවතී ඒවා නම් Streams, Files, Channels යනාදී වශයෙනි. අපි මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කරනුයේ ජාවා තුල යෙදෙන Streams පිලිබඳවයි.

ස්ට්‍රීම්(Streams) මගින් විවිධ Input සහ Output Sources(ප්‍රභව) නියෝජනය වීම සිදුකෙරේ. එනම් පරිගණක ක්‍රමලේඛකයාට streams භාවිතයෙන් input / output sources සමග සන්නිවේදනය කල හැකිය.  උදාහරණ ලෙස Disk Files, Sockets, Devices සහ වෙනත් Process එකක් වුවත් විය හැකිය.

අපි දැන් බලමු ස්ට්‍රීම් එකක ස්වභාවය කුමක්ද කියල. ස්ට්‍රීම් එකක් කිව්වම අපිට එකපාරට මතක් වෙන්නෙ ගලාගෙන යන ස්වභාවය නේ. ඒ වගේම තමයි ස්ට්‍රීම් එකක තිබෙන්නෙ කිසියම්  දත්ත ප්‍රවාහයක් ජාව තුල ස්ට්‍රීම් භාවිතයේදී එම ප්‍රවාහය මූලික දත්ත ආකාරයෙන් පැවතිය හැකියි නැතිනම් එම ප්‍රවාහය Object data ප්‍රවාහයක් උනත් විය හැකියි.  Stream එකක පවතින්නේ data sequence එකක්.
උදා: Binary stream එකක්
1000100010000000000100
පරිගණන වැඩසටහන් මගින් Data Source එකක් ප්‍රවේශනය කිරීමේදී(Access) සිදුවන ක්‍රියාවලිය පහත පරිදි රුපමය වශයෙන් පෙන්විය හැකිය.
Input Stream  එකක් ක්‍රියාකරන අයුරු
Output Stream  එකක් ක්‍රියාකරන අයුරු
*කහ පාටින් දැක්වෙන්නේ Stream එකයි.

ඇතැම් ස්ට්‍රීම් එතුලින් දත්ත ගමන් කරවීමට සහය දක්වන අතර(උදා : FileInputStream,) ඇතැම් ඒවා එතුලින් යන දත්ත වෙනත් ආකාරයකට/ස්වභාවයකට පත්කරනු ලබයි(උදා: GZIPInputStream, DeflaterOutputStream).

Streams තුලින් යවන්නාවූ දත්ත වල ස්වභාවය අනුව මූලික වශයෙන් ස්‍ර්ටීම් වර්ග 2ක් හඳුනාගත හැකිය. 
  • Character Streams
මෙමගින් මිනිසාට කියවිය හැකි ආකාරයේ දත්ත ගලා යාම සිදුකෙරේ(උදා : ඉලක්කම්, අකුරු යනාදිය)
  • Byte Streams
මේවායේ යවනුයේ machine-formatted ආකාරයේ දත්තවේ. මේවා පවතිනුයේ ද්වීමය(binary) ආකාරයෙනි(උදා:110110).
අදාලතාවය අනුව සුදුසු Stream ආකාරය තෝරාගත යුතුය. අනෙකුත් සියලුම ස්ට්‍රීම් වර්ගයන්හි පදනම වනුයේ Byte Stream වේ.

සුදුසු Stream එක තෝරාගන්නේ කෙසේද?

  • කිසියම් data source එකක් low-level මට්ටමෙන් ප්‍රවේශනය කිරීමට අවශ්‍ය විට byte stream එක සුදුසුය.උදා: data file copy කිරීම, Audio files edit කිරීම යනාදියේදී. 
  • Data source එක text data වලින් සමන්විත නම් සහ text manipulations  අවශ්‍ය විටදී character streams භාවිතාකල හැකිය.
ජාවා වැඩසටහනක් තුල මෙම ස්ට්‍රීම් භාවිතා වන්නේ කේසේදැයි අපි දැන් බලමු.
මුලින්ම බලමු character stream කියවීමට FileReader යොදාගන්නා අයුරු.
view plaincopy to clipboardprint?
  1. /**       
  2. *class  : CharOperations 
  3. *Author : Kanishka Dilshan       
  4. *Purpose: Showing how to use character streams 
  5. *Blog   : http://javaxclass.blogspot.com       
  6. */   
  7.   
  8.   
  9. import java.io.*;  
  10.   
  11. public class CharOperations{  
  12.  public static void main(String args[]){  
  13.   FileReader fileRdr=null;  
  14.   FileWriter fileWr=null;  
  15.   try{  
  16.    fileRdr=new FileReader("myCharFile.txt");  
  17.    fileWr=new FileWriter("newCharFile.txt");  
  18.    int tmp;  
  19.    while((tmp=fileRdr.read())!=-1){  
  20.     fileWr.write(tmp);  
  21.    }  
  22.   }catch(FileNotFoundException e){  
  23.    System.err.println("File NOt Found : " + e.getMessage());  
  24.   }catch(IOException e){  
  25.    System.err.println("IO Exception : " + e.getMessage());  
  26.   }finally {  
  27.    try{  
  28.     if(fileRdr!=null){  
  29.      fileRdr.close();  
  30.     }  
  31.       }catch(IOException e){}  
  32.    try{     
  33.     if(fileWr!=null){  
  34.      fileWr.close();  
  35.     }  
  36.    }catch(IOException e){}  
  37.   }  
  38.  }  
  39. }  
පැහැදිලි කිරීම:
FileReader සහ FileWriter යනු පිලිවෙලින් myCharFile.txt සහ newCharFile.txt ට ලිවීමට තෝරාගත් Stream classes වේ. ඒවායින් සාදාගත් fileRdr සහ fileWr objects යොදාගෙන source file එකෙන් කියවීම සහ destination file එකට ලිවීම සිදුකෙරේ. මේවා character streams නිසා කියවීම සහ ලිවීම සිදුකරනුයේ character ආකාරයට ය. while loop එක තුලදී සිදුකෙරෙනුයේ input stream එකෙන් character by character කියවා output stream එකට character by character ලිවීමයි.

එහිදී while loop එකේ condition එක වශයෙන් යොදා ඇත්තේ කියවන ලද character එකෙහි integer අගය -1 ට සමානදැයි බැලීමයි. එම කියවන ලද අගය -1 නම් එයින් සඳහන් වනුයේ අප සිටින්නේ EOF(End of the file) හි  බවය(ෆයිල් එකෙහි අවසානයේ බවය). මේවා try block එකක් තුල යෙදීමට හේතුව ස්ට්‍රීම් සමග ගනුදෙනු කිරීමේදී පැනනැගිය හැකි exception හසුකර ගැනීමයි.(Exception පිලිබඳ මීට පෙර සාකච්ඡා කර තිබේ).  අවසානයේ open කරගන්නා ලද ස්ට්‍රීම් වසාදැමීම සිදුකර ඇත.( line 29 සහ line 34) මෙසේ ස්ට්‍රීම් close කිරීම අනිවාර්යයෙන්ම කල යුත්තකි. නැතහොත් අප ලියන වැඩසටහන් වල resource leaks ඇතිවීමට හේතුවේ. එය වැඩසටහනක ඇති විශාල ගැටලුවකි. 

ගණිත සෙල්ලම් වලට අහුවෙන ලාංකිකයෝ හෙවත් පිරමිඩාකාර ගිරිහිම අනුපාතය

මේ වගේ දැන්වීමක් කොහේ හරි දැකල නැත්නම් කවද හරි දකී.

"අලුත්ම ලැප්ටොප් එකක් රු. 20,000/- යි !
රු. 20,000/-ක් පමනක් ගෙවීමෙන් හැමෝටම රු. 100,000/-ක් වටිනා ලැප්ටොප් එකක් ලබාගත හැකිය. වෙනත් ගෙවීම් නැත. විකිනීම පිලිබඳ විස්තර ලබා ගන්න"
ඉතින් කවුද අකමැති අඩු ගානකට වටිනා ලැප්ටොප් එකක් ගන්න. ඉතින් වැඩිපුර හිතන්නෙ නැතුව අපිත් යනවා මේ තැන හොයාගෙන. ගිය ගමන්ම අපිට ඒ ගොල්ලො දෙන්නෙ ලැප්ටොප් එකක් නෙමෙයි. ටිකට් 4ක්. අපි එයාලට රු.20,000/-ක් දුන්නම. එයාල අපිට දෙනවා ටිකට් 4ක්. අපි ඒ ටිකට් 4 රු. 20,000/-  ගානෙ අපේ යාළුවන්ට විකුනන්න ඕනෑ. විකුනල ඒ සල්ලි අර කොම්පැනි එකට දුන්නම අපිට ලැප්ටොප් එක හම්බවෙනවා. ඇත්තටම අපිට වියදම් උනේ රු. 20,000/-යි. කථාව ඇත්ත.
ඊට පස්සෙ අපෙන් ටිකට් ගත්තු යාළුවන්ට වෙනවා අර කොම්පැනි එකට ගිහින් තමන් මිලදී ගත්ත ටිකට් එක දෙන්න. එතකොට එයාලට හම්බ වෙනවා තවත් ටිකට් 5ක්. එයාලා ඒ 5 තවත් යාළුවෝ 5 දෙනෙකුට විකුනලා සල්ලි ගෙනත් දුන්නම එයාලටත් ලැප්ටොප් එකක් ගන්න පුළුවනි. .....
ඉතින් මෙතන කිසිම බොරුවක් නැහැ. දැන්වීමේ විදිහටම සේරම දේවල් සිද්ධ වෙනවා. ලැප්ටොප් කොම්පැනි එකටත් තමන්ගෙ විකිනෙන භාන්ඩයට අදාල සම්පූර්ණ මුදලම ලැබෙනවා. 
ඒත් මෙතන තියෙන්නෙ කූටෝපායක්. මේ කූට වෙලඳාමට රැවටිලා තමන් ගත්ත ටිකට් විකුනගන්න බැරි උන අයට ඉතින් හුලං තමයි. හැබැයි වෙලෙන්දා ගොඩ.
මම කියන්න යන්නෙ මේක වෙන්නෙ කොහොමද කියලා.
මේ කොම්පැනියෙන් ටිකට් ගත්ත පලවෙනියා එයාගෙ ටිකට් ටික ලේසියෙන්ම 4 දෙනෙකුට විකුනගන්නවා. ඒ හතර දෙනා තමන්ගෙ ටිකට් (4‍x5) = 20 දෙනෙකුට විකිනිය යුතුයි. ඒ අයටත් ඒවා විකුන ගන්න පුලුවන් උනා කියල හිතමුකෝ. ඒ විසි දෙනා ආයෙමත් (20x5) = 100 දෙනෙකුට විකිනිය යුතුයි. එවිට 1+4+20+100 = 125 ක් ටිකට් අරගෙන ඇත. ඔවුන්ගෙන් 25 දෙනෙකුට ලැප්ටොප් ලැබිල තියෙන්නෙ. සිය දෙනෙකුට තියෙන්නෙ බලාපොරොත්තුවක් විතරයි. ඒ වෙනුවෙන් රු. 20,000/-ක් දැනටමත් ගෙවල ඉවරයි.
දැන් මේ ගනුදෙනුව මිතුරන්ගෙන් එපිටට, නගරයට පැතිරෙනවා. ටිකට් අතේ ඇති 100 දෙනා ඒවා තවත් 500 දෙනෙකුටත්, ඒ 500 දෙනා තවත් 2500 දෙනෙකුටත් ටිකට් විකුනන්න ඕනෑ. නගරය ටිකට් පත් වලින් පිරී ඉතිරී යනවා. එතකොට ටිකට් විකුනගන්න පුද්ගලයන් හොයාගන්න අමාරු වෙනවා.

අපි මෙය සංඛ්‍යා පිරමිඩ අකාරයට සලකා බලමු.
1
4
20
100
500
2500
12,500
62,500
 නගරය විශාල නම්, හැමෝටම ලැප්ටොප් අවශ්‍ය නම්, එහි ජනගහනය 62,500 ක් නම් 8 වෙනි වට රවුමෙදී මෙම ගනුදෙනුව බිඳ වැටේ. සියලුම දෙනා එයට යටවී ඇත. එහෙත් ලැප්ටොප් ලබාගෙන ඇත්තේ එයින් 1/5 කොටසකි. ඉතිරි 4/5 දෙනා අතේ විකුනාගත නොහැකි වූ ටිකට් ඉතිරිව ඇත.
(මෙයට කියන්නේ "ගිරිහිම නිපාතය" කියාය)
තවත් රවුම් දෙක තුනක් යනවිට රටක්ම මෙයට යට විය හැක. එනමුත් එයින් 4/5 ක් ම රැවටීමකට ලක්ව ඇත.
මෙයින් කොම්පැනියට ලැබෙන්නේ කුමක්දැයි අපි බලමු. ජනගහනයෙන් 1/5ක් ලබාගත් ලැප්ටොප් සඳහා ඉතිරි 4/5 ක කොටසකට ගෙවීමට සලස්වයි. තවත් විදියකට කියනවානම් එක් අයෙක් ලබා ගත් භාන්ඩයේ ඉතිරිය සඳහා තවත් හතර දෙනෙක් ගෙවීම් සිදුකරයි. තවත් අතකින් කියනවානම් කිසිඳු අමතර වියදමක් නැතිව තමන්ගේ භාන්ඩ බෙදා හැරීම පිනිස ඒජන්තවරු සොයාගනී. (එකිනෙකා ගිල ගැනීමේ ගිරි හිම නිපාතය - අයි. අයි. යසීන්ස්කි)
මෙම නිපාතයට යටවී සැඟවී යන යෝධ සංඛ්‍යාව, කූට වෙලඳුන්ගේ ගැටවලට අසුවන, තමන්ගේ මොළය භාවිතයට නොගන්නා පුද්ගලයන්ට දඬුවම් කරයි.


නියපොත්තේ පලඳින ඔරලෝසුව



ඔරලෝසුව කියන්නෙ අපි කවුරුත් දන්න දෙයක් නේ. හරියටම වෙලාවට වැඩ කරන්න පුරුදුවෙලා ඉන්න අපේ ජනතාව ඔරලෝසුව බැඳගෙන යන්නෙ හරි උජාරුවෙන්.
අපි මේ කියන ඔරලෝසුව නම් උජාරුවෙන් බැඳන් ගියත් ලෙහෙසියෙන් පේන්නෙනම් නැහැ. නියපොත්තක් තරම් කුඩා, නියපොත්තේ සවිකරගෙන බාවිතාකරන මේ ඔරලොසුව අලුත් ගැජට් හොයන ඔයාලට නම් හොඳට ගැලපෙනවා ඇති නේද?
ටයිමෙක්ස් සමාගම විසින් නවතම නිර්මාණ තරඟයකදී ඉදිරිපත් කර තිබුනු මෙය ඔරලෝසුව වැඩි දෙනෙකුගේ අවධානය දිනා ගන්නට සමත් විය

ලොව විශාලතම යන්තරය



එය නමින් බැගර් 288 වන අතර එක්ස්කැවේටර් 288 ලෙසද හඳුන්වනවා. 1978 වර්ශයේදී ජර්මනියේ දී නිශ්පාදිත මෙය බරින් ටොන් 13,500 කි. මෙය මීටර 220ක් දික් කල හැකි අතර උස මීටර 86 කි. එමෙන්ම දිනකට පස් ටොන් 240,000 ක් හෝ කියුබික් මීටර 240,000 ක් පමන කපා ඉවත් කල හැකිය.













සැඟවුණු බිත්ති සේප්පුව


හොරෙක් ගෙට ඇතුල් වුනාම අතට අහුවෙන, සාමාන්‍යයෙන් වටිනාකියන දේවල් දමන ස්ථාන වල තියෙන දේවල් තමයි සොරකම් කරන්නෙ. මෙය එවැනි ස්ථානයක් නොවන නිසා පහසුවෙන් හොරෙකුට අහුවෙන්නෙ නැහැ.
චිකාගෝ පොලීසිය පවසන පරිදි මෙය සාමාන්‍ය සේප්පුවකට වඩා සිය ගුනයක් ආරක්ෂිතයි. එමෙන්ම මෙය රුපියල් 900ක් වැනි මුදලකට මිලදී ගත හැකි නිසා ලාභ දායකයි. මෙය ඉතා ශක්තිමත් ප්ලාස්ටික් වලින් සහ ලෝහ වලින් නිශ්පාදනය කර ඇති අතර විවෘත කිරීම සඳහා කුඩා යතුරක්ද සපයා ඇත.