Pages

Friday, December 17, 2010

මම ජෙප්පෙක් තරම් (බිග්)ජෙක් නොවෙමි....!!!

විශ්ව විද්යාතලය නිල වශයෙන් විශේෂවේ දී දෙවන සහ තෙවන වසරවල සිසුන්ට හා දෙවන වසර සිසුන්ට තහනම් කලාපයක් බවට ප්රකාශ කරන ලද්දේ ඊයේ (15) සවස ය. සිද්ධිය සැල කළ මාමා පසු දින ඔහු හා රාජකාරී කටයුත්තකට ආරාධනා කළේ ය. දැන් විශ්ව විද්යාසලය වසා ඇති බැවින් ඇරයුම පිළිගතිමි. පසුව පවුලේ වටමේසයේ දී කතාව ඇදී ගිය අතර අයෙක් “ඔය ජේ.වී.පී කාරයො නැත්නම් මුකුත් නෑ” යැයි කීහ. ඒ කතාව මට ටිකක් වැදුන බැවින් මෙසේ ලිවීමට සිත්වූ අතර මේ සියල්ල මා දරනා පුද්ගලික ආකල්පය සේ සැලකුව මනාය. ඊට විරුද්ධ වීමට ඔබට ශුද්ධ වූ අයිතියක් ඇත......
මාතෘකාව ජ.වි.ප ය වූ බැවින් එයින් පටන් ගනිමු. ප්රථම කඩයිම් ප්රශ්නයයි. මේ කියනාකාරයට කැලණිය විශ්ව විද්යා.ලයේ ජේ.වී.පී ය ක්රියාත්මක ද? මගේ සෘජු පිළිතුර නම් කැලණියේ ජ.වි.ප ය වළදමා බොහෝ කල් ගොස් ඇති බවයි. නමුත් එහි මරණ සහතිකය අභ්යීන්තර සිසුන් ලෙස අපි බාහිර ලෝකයාගෙන් වසන් කරමු. ඒ ජෙප්පන්ට සාමාන්ය. ජනතාව බිය යැයි දක්වන හණමිටි ගණන්කාරකම නිසා දැයි මම නොදනිමි. නමුත් විප්ලවවාදියා පයිසයකට ‍හෝ ගණන් නොගන්නා යුගයක තරුණ ජේ.වී.පී ගැටවුන් මොන කජ්ජක් ද?
උපතින් ම කොළ අලියෙක් වූ මා අවම වශයෙන් සරසවියේ දී හෝ පොද්දෙක් ජෙප්පෙක් වීමට සිහින මැව්වෙමි. ඒ ජ.වි.පයේ කැට හොල්ලන හෝ අන්තරේට කඩේයන්නෙකු වශයෙන් නොව මාක්ස්වාදය, සමාජවාදය නැතිනම් මානවවාදය, පුනරුදය ආදී කාරණා ගැන යම් දැනුමක් ලැබීමේ අභිලාශයෙනි. එහෙත් එහි කිසිදු තැනක කිසිවෙක් එවැනි ගැඹුරු දර්ශනයන් ගැන සාකච්ඡා නොකරන අතර අපේ විප්ලවාදී අදහස් සියල්ල ජිම් කැන්ටිමේ එල්ලා ඇති ලෙනින් මාර්ක්ස් ආදීන්ගේ ‍ඡායාරූප සමූහයටත් “අප මිනිසුන් තැනිය යුත්තේ අප පසුකර යාමට ය.” යන සිල්ලර ප්රකාශනයටත් ලඝු වී ඇත. මේ කාරණා දෙක සහ නිතිපතා දර්ශනය වන කේඩෑරි සටන්පාඨ ගත් අන්තරේ විශාල පුවරුව හැරුණු කොට කැලණියට පිවිසෙන ඔබට එහි සුවිශේෂී ජ.විපෙ බලකොටුවක් යැයි නොසිතෙනු ඇත. තත්ත්වය මෙසේ බැවින් එහි ජ.වි.ප ය ක්රියාත්මක බව කීම මහා මෝඩකමකි.
නමුත් ජ.වි.ප ය සම්බන්ධ මගේ එක්තරා පැහැදීමක් ද ඇති බව කිව යුතු ය. ඔවුන්ගේ විවේචන මම අගය කරමි. (සියල්ල විචේචන වලට සීමා වේ.) බල්ටි නැත-විසිල් පමණි. සත්යඔ දැන ගන්නට විදේශ නාලිකා නැරඹිය යුතු ලංකාවේ ඔවුන්ගේ පුවත්පත තරමක සත්යේ හෙළි කරන බැව් කියමි. ඒ මා ය. මගේ පියා නම් කිසි දිනක ඔවුන්ට ඡන්දය නොදෙනු ඇත. මා කුස හොවාගෙන ගිනි ගන්නා කිරිබත්ගොඩ නගරය මැදින් නිවසට පැමිණියේ මා නොවේ. රාජ්ය දේපල ගිනි තබනු බලා සිටියේ මා නෙවේ. පාන් පෝලිමේ රස්තියාදු වූයේ මා නොවේ. සීමාසහිත පිරිසකට ඇරයුම් කර පැවති විවාහය මගේ නොවේ. ඒ සියල්ල අපේ පරම්පරාව වෙනුවෙන් ඔවුන් විදි දුක් ය. මා ඒ කිසිත් නොදන්නා නමුත් අවසාන විග්රහයේ දී මේ වචන ටික ලියා තබමි. “ජේ.වී.පී එක කියන්නේ කවමදාකවත් ලංකාවෙ බලයට එන්නෙ නැති එන එකෙක්ට කරන්න දෙන්නෙත් නැති කාලකණ්ණි පක්ෂයක්” මේ කතාව ඔබ ද අඩු වැඩි වශයෙන් අසා ඇතුවාට සැක නැත. එහෙත් නියමාකාරයෙන් නිරීක්ෂණය කරන්න මේ බව කියන්නේ තරුණ අප නොව දැන් මැදි වියට ආසන්න පිරිසක් පමණි.
අපි සියල්ලෝ ම ධනවාදී අර්ථ රටාවට පුරුදු වූ අප තුළ සමාජවාදී අදහස් වගා කරන්නට යාම තවත් ගොන්කමකි. සියල්ල වෙනස්වන විට සරසවි සිසුහු ද තම ආකල්ප වෙනස් කරගත් හ. ජ.වි.ප ය සුදු අලියෙකු වූ කල ඔවුහු 2005 දී එක රොත්තට සාටකයේ එල්ලුණේ විලාසිතාවට මෙනි. යුද්ධය දිනාගත් පසුව විශ්ව විද්‍යාලය තුළ එකදු ජෙප්පෙක් දක්නට නොලැබුණි. අද රටේ උද්ඝෝෂණ කරන, කැරළිකාරී හෝ මොනයම් හෝ විරුද්ධ ක්රියාමාරගයක් ගන්නා සියලු සරසවි ශිෂ්යින්ගෙන් අසා බැලුවහොත් ඒ බහුතරය ඡන්දය පාවිච්චි කළේ මහ එකාට ය. කැලණි සරසවියේ සිසුන් බොහෝ දෙනා මර්වින්ගේ ගැන්සියේ නිත්යු සාමාජිකයෝ වූහ. මුලින් වලිවලදී හැප්පුනු එම පිරිස් පසුව එක ම සාදයේ දී නැටුම් ගැයුම් කළහ. එක බෝතලය ‍බෙදාගත්හ. “මචං මූ එදා අපේ හතුරා... දැන්නම් බුදු බොක්ක” යනුවෙන් කියමින් අප පැමිණි ගම්වාසීන් සමග ඇතිවූ ගැටුමේ දී ඉදිරිපෙළ සිටි ආධාරකරුවෙක් හදුන්වා දෙන ලද්දේ මා මිතුරෙකි. ඉකුත් ජනාධිපතිවරණයේ දී සියලු සිසුන් ඉල්ලා සිටියේ මහඑකාට මිස ජෙනරාල්ට නෙදෙන ලෙසයි.
දැන් මහඑකා යකා වී ති‍බේ. අපේ පාළුයකා වී තිබේ. සියලු උපකුලපතිවරු පිම්පියන් ලෙස මහින්ද සූත්තරයට නටනවා විනා ස්වාධීනව ක්රියා නොකරති. ඇත්ත වශයෙන් ම එසේ කළ නොහැකිය. අද ඇත්තේ ජේ.වී.පි ය හා සිසුන් අතර ගැටුමක් නොව මහරජා ආණ්ඩුවට පක්ෂ හා විපක්ෂ ගැටුමකි. එහි පාට නැත. අන්තරය නැත. ඇත්තේ යටත් වී දිවි රැක ගන්නවාද විරුද්ධ වී මිය යනවා ද යන්න තෝරා ගැනීම පමණි. සමස්ත වශයෙන් ලංකාව පුරා ඇත්තේ මේ තත්ත්වයයි. වරදාන මත දුවන බෙලහීන රජයකි අද අපට ඇත්තේ. තීරුබදු 50% අඩුකර වාහන දෙන්නේ ඒ නිසා ය. චන්ද්රිකා තම වැන්දඹුකම පෙන්වා යුද්ධයෙන් මියගිය සෙබළුන්ගේ බිරින්දෑවරුන්ගේ විශ්වාසය දිනා දකුණට සිග්නල් දමා වමට හැරෙව්වා සේම මහ හූරා කන්න දුන් පතේ පැහැරීමට වැඩි වෙලා නොගත්තේ ය. පුද්ගලික විශ්වි විද්යාේලය පිහිටුවේ එහෙයිනි. රටේ පාලකයා ගැන නම් මට දුකය. එය වෙන ම කිව යුතු කතාවකි. රට රටට ඇග විකුණා මුදල් ගන්නා හිගන්නෙක්, දොඩම්ගොඩ බදා ගත් තම්බියෙක්, කේවට්ටයන් මහවුසදයන් පිරිවර කරගෙනත් ලොව ඉදිරියේ නිතිපතා හෙළුවෙන් සිටින රජෙක්???? ඒ වූ කලි කොන්දේසි විරහිතව අනුකම්පා කළ යුතු තත්ත්වයකි.

එදා සහ අද ආදරය සන්නිවේදනය කරපු හැටි…..

ලියන්න නම් දේවල් බොහොමයයි. දැන් ආයතනයේ ව්‍යාපාර අංශය භාරව ඉන්න නිසා ඇත්තටම කාලවේලාව නම් අන්තිම අඩුයි. මූණුපොත පැත්තෙත් දවසකට එක පාරක් වගේ තමයි සැරිසරන්න වෙන්නෙ. මට හිතෙන හැටියට නම් මම මේ ලියන්න යන දේ ගැන සෑහෙන විස්තරයක් ලියන්න වෙයි වගේ. මගේ පුත‍්‍රයව දාන්න ගිය මොන්ටිසෝරිය මගෙ පංතියෙ අතිජාත හිතවතියක් (මචං කෙනෙක්) තමයි කරන්නෙ. මේක ලියන්න හිතුනෙත් එයා මට කියපු කථාවක් නිසා. ඒක බොහොම පරණ කථාවක් වුනාට මම ලියන්නෙ ඒක නෙවෙයි.
වැඬේ කියන්නෙ කාලෙකට පස්සෙ මට ඇප්ලිකේශන් එකක් පුරවන්න වුනා පුත‍්‍රයව භාර දෙන වෙලාවෙ. මම කිවුවා ‘‘මගේ අකුරු නම් ඇත්තටම දැන් නම් කැත වෙලා බං’’ කියලා. ඒ ඇසුරින් මට හිතුන තවත් එක් දෙයක් කියවල බලන්න.
ඉස්සර ආදරය කරපු අය සහ අද ආදරය කරන අය සන්නිවේදනය කරන හැටි පිළිබඳ සංසන්දනයක් කරල බැලූවොත් කොහොමට තියෙයි ද?
රජ කාලෙ නම් ඉතින් රජතුමා තමන්ට කැමති කෙනෙක් ටක් ගාලා තමන්ගෙ අන්තඃපුරයට ගෙන්න ගත්තලූ. (අනේ එහෙමත් වාසනාවක්) ඒ කාලෙත් අපි ඔය දැන් කියනව වගේ සමනල් කථා බිසවුන්නාන්සේලාට කියන්න ඇති නේද.
මම මේ කියන්නෙ මට මතක කාලෙ ඉඳලා. පස්සෙ මේ නවසිය අනූ ගණන් වල මුල නම් ප‍්‍රධානම වැඬේ වුනේ කෙල්ලට කොහොම හරි ඇඞ්රස් එකක් දී ගන්න එක. ඒකත් ගෙදරට අහු නොවෙන අනුන්ගෙ එකක්. එහෙම එකක් හොයා ගන්න එකත් සෑහෙන ලොකු ගේමක්. ඉස්සර අපි ටි‍්‍රප් එකක් එහෙම යනකොට ඇඞ්රස් ලියපු කොලකෑලි එහෙම අනිවාර්ය අංගයක්. ලියුමක් ආවත් නැතත් ඇඞ්රස් එක කෙල්ලෙක් අහුලගත්තොත් ඇති. ඔය කාලෙ තමයි මම අපේ පංති වල ලිපි ලිවීමේ අංශය භාරව හිටියෙ. මට සෑහෙන්න  ඕඩර්ස් තිබුනා මොකද අනිත් හැම කොල්ලගෙම අකුරු වලට වඩා මගේ අකුරු ලස්සන නිසා. එකම ලියුම කිහිපදෙනෙකුටම දීපු අවස්ථාත් නැතිව නෙවෙයි. ලස්සන වැඬේ කියන්නෙ මම යාලූවෙන්න අහපු කෙල්ල මට කිවුවේ ‘‘අයියෙ, ඔයා ඔය කාටවත් කියල ලියුම් ලියන්නෙ නැතුව ඔයාම ලියල එවන්න කියල’’ ඒ තරමටම අපේ ඉස්කෝලෙ මගෙ අත් අකුරු ජනප‍්‍රිය වෙලා තිබුනා. මම හිතන්නෙ එයාටත් මම ලියපු එකක් කවුරුහරි දෙන්න ඇති.
පස්සේ පස්සේ ලිපි ලිවීම සෑහෙන්න ජනප‍්‍රිය වුනා. අතේ තැපැල් තමයි ඉතින් ආරක්‍ෂිත මාර්ගය වුනේ. කෙල්ලෙකුට ලියුමක් දුන්න කියන්නෙ ඉතින් ඊට වැඩි දෙයක් නැහැ. පොත් අස්සෙ දාලා, අතේ හංගගෙන ගිහින්, කැසට් පීස් එකක් අස්සෙ දාලා, කෝඩිනේටර් කෙනෙක් හරහා යවන ලියුමක් ඉතින් ලෝකෙටත් එහා. ඒකට එන උත්තරයක් ගැන කියල වැඩක් නැහැ. ඔහොම ගිය මේකට අනූ ගණන් වල මැද භාගයේ ස්ථාවර දුරකථනය එකතු වුනා. ඒත් ඉතින් ගෙවල් වල කොහෙද ටෙලිපෝන්. කොමියුනිකේශනුත් හැම තැනම තිබුනෙ නැහැනෙ. මට මගේ බිරිඳත් හම්බවෙන්නෙ ඔන්න ඔය ස්ථාවර දුරකථන ගෙවල් වලට ලැබෙන්න පටන් ගත්තු 1998 වගේ කාලයේ. ඊට වැඩියෙ ඒ ගැන ලියන්න හොඳ නැහැනෙ.
අනේ ඉතින් අපිත් කොළඹට වෙලා ඉන්න කාලෙ  ඕන්න 13500/- ක්ම දීලා ඇල්කටෙල් මොබයිල් එකක් ගත්තා. ඒ වුනාට ඉතින් කෝල් වල ගණන්. ඒ කාලෙ රීලෝඞ් නැහැ. 400 කාඞ් විතරමයි. හැම තැනකටම වැඩ කරන්නෙත් නැහැ. මමයි මගේ බිරිඳයි දුරකථනයෙන් සෑහෙන්න කථා කලා. එයාටම කියල එකක් මම අරන් දුන්නෙ 2001 විතර.
ඔන්න ඊට පස්සෙ ආවෙ දුරකථන ආදරය. මල් කැඩිල්ල. මේ ආදරය කිරිල්ල 2008 විතර වෙනකන් සෑහෙන්න දරුණුවට ආව මම දන්න හැටියට. ඒත් දැන්……. අපි ඔක්කොම වර්චුවල් වැඩ. කිසිම කෙනෙක් හම්බවෙන්නෙ නැහැ. ඒත් ලග ඉන්නවා වාගේ හැමතිස්සෙම. ලෝකය කුඩා වෙලා. මිනිස්සු වන අපි ඈත් වෙලා.
මගේ අකුරුත් කැත වෙලා. ලිපියක් ලියන්න සමනල් අදහස් එන්නෙත් නැහැ. හොරෙන් ඇඞ්රස් එකක් දෙන්න හිතෙන්නෙවත් නැහැ. එස් එම් එස් එකකට උත්තර ලියන්නෙත් බොහොම කලාතුරකින්. කෝල් එකක් දෙන්නෙත් අවශ්‍යතාවයකට විතරයි. මූණුපොතේ……. ඒක කරන්න බැහැනේ. නීතිවිරෝධියි.
හැබැයි……. මීට අවුරුදු 15 – 20 ට කලින් මේ වයර්ලස් තාක්‍ෂණය තිබුනනම්…… අපේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුනා…….. දැන් ඉතින් ඒකට කරන්න දෙයක් නැහැ……. අපි පරක්කු වැඩිද මන්ද……..

ගැහැනියක් පිරිමියෙක් වූ අපූරු කතාව [18+]





මිස් කෝල් එකෙන් ආරම්භ වූ ප්‍රේම කතාව
දෙවිනුවර ගන්ධරවත්තේ පදිංචි ඇය 23 හැවරිදි ඇගලුම් සේවිකාවකි.තුරුණු වියේ පසුවන ඇයට තම කුලුදුල් පෙම්වතා මුණගැසුනේ මිස්කෝල් එකක මාර්ගයෙනි.දුරකතනයෙන් ආරම්භවූ කතා බහ ප්‍රේම කතාවකට හැරෙන්නේ ඉතාමත් ඉක්මනිනි.


මම හමුදාවේ වැඩ කරන්නේ
"මම යුද හමුදාවේ වැඩ කරන්නේ. මට කියල කාත් කව්රුවත් නෑ.අම්මයි තාත්තයි දෙන්නම් නැති වෙලා."මේ අයුරෙන් දුරකතනයෙන් හාද වූ පෙමට මාස 6ක්ම ගතවුණු අතර ඇය තම දෙමව්පියන්ටද සිය පෙම්වතා ගැන දැනුම් දුන්නාය.ඒ අනුව ඔහු ඇයව බැලීමට පැමිණෙන්නේ ඔහුගේ මිතුරෙකුත් සමගයි.බලු බැල්මට කඩවසම් පෙනුමක් තිබු තරුණයට අයගේ සිත ඇදී ගියත් ඇයගේ පියාමෙයට විරුද්ධ වුයේ ඔහු ඇයට වඩා උසින් අඩු වීමයි.

මේ වගෙ කෙනෙක් ලැබෙන්න ඔයාලගේ දුව වාසනාවන්තයි
"මෙය හොද කෙනෙක්.අපේ කදවුරේ මේ වගේ ගති තියෙන කෙනක් හොයා ගන්න නෑ.ඇත්තටම ඔයාලගේ දුව වාසනාවන්තයි." එසේ පැවසුවේ ඔහු සමග පැමිණි ඔහුගේ මිතුරායි.ඒ අනුව දෙමව්පියන්ගේ කැමැත්තද ඔහුට ලැබුන අතර ඒ අවසරයෙන් ඔහු නිවසට යෑම ඒම ද කරන්න පටන් ගත්තේය. තම හමුදාවේ වැඩ කරන බව සනාත කිරිඉමට ජායාරුපයක් ඇයට ලබාදුන් අතර මෙම සමය රණවිරුවන් පිළිබද ඉහලින්ම කතාකෙරුන කාලයක් නිසා දෙමව්පියන්ටද ඔහුගේ අගය වැඩි විය.

වෙනසක් නැති මධුසමය
මේ අතරතුර තමාට යුද හමුදාවේ හිමි වරප්‍රසාද ලබා ගැනීම සදහා විවාහ වෙමුයි හදිසියේ ඔහු යෝජනා කළේය.දෙමව්පියන්ගෙන් හදිසි විවාහයකට කැමැත්ත නොලැබෙන නිසා ඔවුන් දේපල හොර රහසේ විවාහ විය. පසුව ඒ පිලිබදව දෙමව්පියන්ටද දන්වනු ලැබූ අතර වෙන කරන්න දෙයක් නැති නිසාවෙන් එයට එකග වූ ඔවුන් ඔවුන් දෙදෙනාට මධු සමය ගත කිරිමට කාමරයක් සකස් කොට දුනි. නමුත් මධු සමය නම් ඇයට විශේෂයක් වුයේ නොමැත. ඔවුන් කාමරයට ආ විලසින්ම පසු දින උදෑසනම එලියට පැමිණියේය.

ගෙදරට එන්නේ ඔසප් දිනවල
ඉන්පසු රැකියාව සදහා පිටව යන බව පවසා ඔහු නිවසින් නික්ම ගිය අතර ඉඩ ලැබෙන සම අවස්තාවකදීම ඔහු තරුණියට කතා කළේය.පෙම් හසුන් එව්වේය.
ඔහු නැවත පැමිණයේ මාස දෙක තුනකට වරකි.එම දවස් තරුණියට විශේෂ දවස් විය.එනම් සැම ස්ත්‍රියකටම සිදුවන ශාරීරික ක්‍රියාවලිය සිදුවන කාල පරිච්චේදියෙදිය.ඒ අනුව පැමිණෙන සම දිනම ඔහු තදින් මත පැන් බී සිටියේය.මත්පැන් වලට අමතරව නීති විරෝධී මත ද්‍රව්‍ය ද පාවිච්චි කිරිමට ඔහු ඇබ්බැහි වී ඇත.

සැම දිනකම අග සේදීම වැනි කටයුතු අදුරේ රහසේ සිදු කල අතර බිරිද එවැනි තැන් වලට සුදානම් වුවහොත් සැර පරුෂ වී ඇත.පපුවේ යම් කිසි වෙනසක් පෙනුනත් ඒ ව්‍යායාම වැඩි නිසයි කිවේය.විවාහ වී මාස 10ක් ගත වුවත් තරුණියගේ මුහුණ සිප ගැනීම හැරෙන්න වෙන කිසිවක් සිදු නොවිණි.මේ නිසාම තරුණියට ඔහු පිළිබද සැකයක් ඇති වන්නට විය.

සරමක් අන්දන්න හිතිලා කලිසම ගලවලා
දිනක් ඇගේ සැමියා අධික බිමත්ව ගෙදර පැමිණි විට කිසිදා උඩුකය නිරාවරණය නොකර සිටින ඔහුගේ කලිසම හා කමිසය ගලවා සරමක් ඇද බැලීමට තරුණියට සිත් විය.කලිසම ගලවන අවස්ථාවේ ඔහුට ඒ කිසිවක් දැනුනේ නැත්තේ අධික බිමත් කම නිසාවෙනි. කලිසම ගලවන විට ඇයට ඉබේටම කෑ ගැසිනි.

ඒ ශබ්දයට ඇගේ මව හා පියාද කාමරයට දිව ආ අතර ඔහුගේ ඉනේ සුදු නුල් පොටක් දක්නට ලැබිණි.එම අවාසනාවන්ත දර්ශනයත් සමග තරුණියට දැකගන්න ලැබුනේ තමා විවාහ කරගෙන සිටින්නේ තරුණයෙක් නොව කාන්තාවක් බවයි.

මානසික රෝගි එක්දරු මවක්
ඒ අනුව මේ පිලිබදව පොලිසියේ පැමිණිල්ලක්ද ගොනු විය. පසුව හෙළිදරව් වූ තොඅරතුරුවලට අනුව ප්රිරිමියෙක් ලෙස පෙනී සිටි කාන්තාව අවුරුදු 32 ක් වයසැති එක්දරු මවකි.ඇගේ දරුවා හදවත් රෝගයකින් මියගොස ඇති අතර සැමියාද සුනාමි ව්‍යවසනයෙන් මියගොස් ඇත.මෙය මානසික රෝගයක් මත ඇති වූ තත්වයක් බව වෙද්‍යවරුන් මත පළකරයි.

Saturday, December 11, 2010

පුපුරු ගහන තරු කැට....

පුපුරු ගහන තරු කැට
දෙකක් අස්සේ
සැර අකුණු පිපිරෙද්දියි
මම දැන ගත්තේ
බෙරි වෙච්ච වළාකුළ
ලොකු වරුසාවකට 
අර අදින බව...

දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද

 

දැන්වත් ඔය ඇඩිල්ල නවත්වනවද
ඔය කදුළු වැස්සට තෙමිලා
දැන් මම හොදටම තෙතබරිත වෙලා...
මට නිව්මෝනියාව හැදෙන්න කලියෙන්
ඔය ඇඩියාව නවත්වන්න.... 

තේරෙන්නෙ නැද්ද ඔය කදුළු මට හරියට රිද්දන බව

හිත ඇතුලේ අනවසර ඉදිකිරිමක්


වැට කඩුළු බැද රැකගත් හිතට
දඩබ්බර හොරෙක් ඇතුළු වූ සද
කෙසේ  ආවේදැයි සොයන ඩිංගට
ඉවරය මාලිගාවද සාදා හිත උඩ.....

"අනවසර ඉදිකිරිමකි" මෙය
මගෙ රැවුම් ගෙරවුම් මැද
අහිංසකව හිනා වුන නුඹ
කීවා හැකිනම් බිදිනා ලෙස

නිදහසේ උන් සිත 
අවුල් කල වරදට
වෙර දැරිමි බිදින්නට 
නුඹෙ හැම හීනෙම....

බිදපු හැම හීනෙම 
යළි යළිත් දළුලන විට
තවතවත් බිදලන්නට
දිරිය නෑ දැන් ඉතිරිව....

මට මගේ හිත ආයෙම
දෙනු මැනවි අයදිමි මම..
හඩන්නට බෑ තව
යනු මැනවි නොකියම...

හොර Payment Proofs හදන හැටි

බක්ස් අඩවි වල මෙන්ම, අනෙක් සුද්දන්ගේ හොර අඩවි වල ලණු අපේ සිංහයන් නොකාවි, යැයි බලාපොරොත්තුවෙන් මේ ලිපිය ලියන්නේ. මේ ලිපියෙන් කියලා දෙනවා සිංහයන්ගේ ලණු සුද්දන්ට කවන්නට. මං විස්තර කරලා දෙන්න යන්නේ කොහොමද සුපිරි ලණුවක් හදන්නේ කියලා. ඒත් සිංහයන්, සිංහයන්ටම ලණු කවන්න යන්න එපා කියන ඉල්ලිමත් මං කරනවා.
 






මේ මම මගේ ONBUX ගිනුමෙන් ගත්ත screen Shot දෙකක්. ඔබට එකක් හොර එකක්, අනික හොද එකක් කියලා පෙනුමෙන් කියන්න පුලුවන්ද? මේ විදියටම තමයි Payment Proofs හදන්නේ.  වැඩේ අමාරු නෑ. කරන්නේ බොහොම සරල වැඩක්.

එහෙනම් අහගන්න;
ඉස්සරෝම ඔබට හොර Payment Proof එකක් සෑදීමට අවශ්‍ය වෙබ් අඩවියට පිවිසෙන්න. උදාහරනයකට තමයි මම ONBUX ගියේ.

මෙහෙම දෙයක් තියෙනවා. Payment Proofs හදන්නේ AlertPay හා PayPal සදහානේ. මුදල් ලබාගන්න වෙලාවේ තමා මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ මම (1) රූපය ආශ්‍රයෙන්නේ (2) රූපය හැදුවේ. ඒ නිසා ඔබටත් සජීවී වෙබ් පේජයක් තියෙන්න ඕනේ.

ඒ සජීවී වෙබ් පේජයේ ඇඩ්‍රස් බාර් එක මත, තියෙන ලිපිනය මකලා, පහතින් තිබෙන කෝඩ් එක කොපි--> පේස්ට් කරන්න.ඉන්පසු Enter ඔබන්න.

javascript:document.body.contentEditable='true'; document.designMode='on'; void 0

 දැන් ඔබට එම සජීවී වෙබ් පේජය හිතේ හැටියට edit කරන්න පුලුවන්. Payment Proof එකක් නම් ඒක කැමති අංක දාලා, කැමති අකුරු, නම්, ගම් වෙනස් කරන්න පුලුවනි. කරලා screen Shot එකක් අරගන්නවා. 
  
ආයේ ඉතින් මොන දෙයියට කීවත්, ඇත්ත එක බොරු එකනම් හොයාගන්න හම්බෙන්නේ නෑ. ඔබත් මේ ක්‍රමේට හොද ලණුවක් අබරගන්න.